කොරෝනාවෙන් ප්‍රබල රටවල දහස් ගණන් මියයද්දී අපේ මිය ගියේ 11යි.. තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කල ආසියාවේ ප්‍රබලතම නායකයා ගෝඨාභයයි..

June 7, 2020 at 4:40 pm | lanka C news
කොරෝනාවෙන් ප්‍රබල රටවල දහස් ගණන් මියයද්දී අපේ මිය ගියේ 11යි.. තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කල ආසියාවේ ප්‍රබලතම නායකයා ගෝඨාභයයි..

තම රටේ සියලු ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම අකුරටම ඉටුකළ ආසියාවේ ප්‍රබලතම නායකයා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ නාරාහෙන්පිට දී පැවති උත්සවයක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද අදහස් පල කලේය.

ණය බර, බදුබර දරා ගන්න බැරව හිටපු ජනතාවට සහනයක් අස්වැසිල්ලක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමගයි. නමුත් එතුමාගේ ජයග්‍රහණයේ වාසිය රටට අත්කර දිමට නම් එතුමාට වැඩකලහැකි ආණ්ඩුවක් පත්කරගත යුතු වෙනවා. ඒ සදහා දැන් රටේ ජනතාවට අවස්ථාව හිමිවෙලා තියෙනවා.

මේ රට නැවත ඉදිරියට යන්න පටන් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුනාට පසුවයි. ජනතා හිතවාදී සංවර්ධනයක් තමයි අපි ඉදීරියේදී ක්‍රියාත්මක කරන්නේ රට හදන සෞභාග      දැක්ම කියන්නේ එවැනි වැඩපිළිවෙලක් මත පදනම් වූ ප්‍රතිපත්තිමය යොජනාවලියක් ස්ථාවර ආණ්ඩුවක් බලයට පත්වූ වහාම අපි රට තුල අළුත් සංවර්ධනයක් ඇති කරනවා.

පසුගිය ආණ්ඩුව කාලේ රණවිරු දඩයමයි,රාජපක්ෂ දඩයමයි විතරයි වෙන කිසිවක් කලේ නෑ.වැඩ කරලා පුරුදු අයට කරන්න දන්න ගෝඨාභය මහත්තයා බලයට පත්වුනු ගමන්ම තමයි කොරෝනා වසංගතය ආවේ.ඒ වසංගතයෙන් ලෝකේ ප්‍රබල රටවල මිනිස්සු දහස් ගනනක් මැරී වැටෙද්දී අපේ රටේ මෙතෙක් මිය ගොස් ඇත්තේ 11 දෙනෙකු පමණයි. මේ රටේ සියළු ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරිමේ වගකීම අකුරටම ඉටු කරපු ආසියාවේ ප්‍රබලතම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මේ මැතිවරණයේ ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක් බවට පත්වෙනවා ඒකාන්තයි.

– ප්‍රදීප් අනුර කුමාර

6 views

18 Comments to “කොරෝනාවෙන් ප්‍රබල රටවල දහස් ගණන් මියයද්දී අපේ මිය ගියේ 11යි.. තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කල ආසියාවේ ප්‍රබලතම නායකයා ගෝඨාභයයි..”

  1. kasun says:

    ane manda. bandula kohe lokeda enne. vietnam,cambodia wala ekekwath marila na.. man hitanne ewa europe wenna athi eyata anuwa. anika gota hinda newi berune. GMOA eka nisa. un ke gahuwe nathnam oya gon sir 5000 maruna eka wageda meka kiyala hitapu kenek ne

  2. david milibanda says:

    Bandula, we all know that. Its not Rocket science. Just speak of what we DO NOT KNOW.

    Take care of the Doctors and related officials who take care of the COVID patients.
    Gotabaya’s greatness would have been ZERO if the everyone did not come together.
    Do not blurt like an idiot. Speak of something useful.

    This is the biggest problem of you PINA politicials. Speak nonsense instead of engaging in something worthwhile.
    Don’t talk of Gota. Speak of the qualities of his wife. What a serene Lady she is.
    A role model for the Country………
    Are U a role model?? OR Can U be one???

  3. jagath says:

    Gota vitharai kale .Agamati saha Thopi set eka karapu bambuwak na..

  4. Liyanage says:

    Everybody knows that HE GR governs well but this educated stupid minister should keep quiet if PP wants to win elections

Main News