කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවෝ තොග ගණන් මන්නාරමට පැන එති…

May 4, 2021 at 7:02 pm | lanka C news

ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීමට මන්නාරමට ඇතුල් වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙක් රැගත් යාත්‍රා 11 ක් ආපසු ඉන්දියාවටම භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් විසින් අනවසර සංක්‍රමණිකයින් ඇතුල් වීම වැලක්වීම සඳහා පෝක් පෝක් සමුද්‍ර සන්ධිය ඇතුලු මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

මේ අතරවාරයේ අද දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන්හීදි ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් පුද්ගලයින් 86 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

53,067 views

12 Comments to “කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවෝ තොග ගණන් මන්නාරමට පැන එති…”

  1. Ravana parapura says:

    රාමාට හනුමාට ලක්ස්මන්ට දැන් රාවණා පිහිට මතක්වෙලා

    • වලගම්බා says:

      උන් දන්නෙ නෑ ස මේක ඉන්දියාවක් කරමින් ඉන්න බව.

  2. දුටුගැමුණු says:

    නැගෙනහිර ජැටියත් දුන්නා නම් මුන් නැව් පිටින් එන්නෙ !

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො රට ගිනිතියන්න කලිනුත් ඉන්දියාවෙ මිනිසු බෝට්ටු වලින් ලන්කාවට ආවා. ආසියාවෙ දෙවන වැඩිම ඒක පුද්ගල ආදායම තිබ්බෙ අපිට.

  4. A T රාමචන්ද්‍රන් says:

    යුද්දෙ වෙලාවේ තොග පිටින් උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු තමිල්නාඩු වට කෙරලයට පැන්න. ඉතින් මේ වෙලාවේ අපිත් ඒ මිනිස්සු න් ට උදව් කළයුතුයි. උතුරේ කෑම්ප් ගහලා හරි තියාගන්න.

    • Not same says:

      වෙනසක් තියෙනවනේ සහෝදරයා. අද ඉන්දියාවේ මිනිස්සු මෙහෙට පනින්නේ වසංගතයක් අරගෙන.

    • Gorilla says:

      මුලින්ම ඉස්කොලෙ ගිහින් සමාජ අද්‍යනය ඉගෙන ගන්න.

  5. CAT says:

    Send all INDIAN parasites back to India …India is always hostile to our country

  6. Jagath says:

    දැන් තමයි ආණ්ඩුවට කීයක් හරි හොයාගන්න තියෙන වෙලාව.මෙහෙ තියන් නිරෝධායනය කරමු. 😄…

  7. Ayotallah says:

    No alternative please inform Navy to shoot all the Indian trawlers tress-passing SL borders and inform the Indian authorities promptly This remind us the Kallathoni invasion of SL in Sixties. Let those Indians stay in India and face consequences without our involvement. Not only Kallathoni they rob our fisheries resources but our fisheries Minister suggests to give them a Quota and we All believe he is not in proper senses

  8. ධීවරයා says:

    යුද්ධ සමයේ තිබුනු ධීවර පාස් ක්‍රමය සහ fishing marshalling point නැවත අැති කරන්න. එ් ක්‍රමය මුලු රටටම ක්‍රියාත්මක කරන්න. හොර බඩු, මත් ද්‍රව්‍ය රටට එන එක පාලනය කරන්න පුලුවන්. ඔික යුද්දෙන් පස්සේ නැවැත්තුවේ හොර බඩු ජාවාරම් කාරයින්ගෙයි, උතුරැ ප්‍රදේශයේ පල්ලිවලයි උවමනාවට.

  9. Alapaluwa says:

    වන්නි රොමේෂ් මධුෂංඛ මහත්මයා අසත්‍ය ප්‍රචාර පතුරන්න එපා.
    හැංගිලා හිටිය කෝවිඩ් අසධිතයන් තමන්ගේ ටෙලිපෝන් එකේ ඇප් එකකින් සෙනිකව ජීව ග්‍රහයෙන් අල්ලාගත් කමල් ස’ ගෙන් බේරී ඔය කියන කිසිම ඉන්දියනුවෙකු මේ ශ්‍රී ලාංකික ධරණී තලයට අතුල්වෙනවා බොරු.
    Alapaluwa From SA

Main News