කොරෝනාවෙන් මලොත් ආදාහනයට රජයෙන් මුදල්…

September 13, 2021 at 8:02 am | lanka C news
කොරෝනාවෙන් මලොත් ආදාහනයට රජයෙන් මුදල්…

කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප්‍රථම අදියරේදී  ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇත. පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබේ.

සබරගමුව 488 ක්,වයඹ 391 ක්,මධ්‍යම 260 ක්,ඌව 171 ක්,දකුණ 537 ක්,උතුරු මැද 100 ක්,බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා මෙම  මුදල ලබා දී ඇත.

අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත්  පාලන ආයතන  වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දෙන ලදී.

ප්‍රසන්න අධිකාරි

13,062 views

10 Comments to “කොරෝනාවෙන් මලොත් ආදාහනයට රජයෙන් මුදල්…”

  1. ගබ්සා says:

    එන්නත් මධ්‍යස්ථාන අසළ ගබ්සා මධ්‍යස්ථානත් හැදෙයිද?

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , නාමල් කරුනාරත්න කියන ගොබ්බයෝ , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ ඒවායේ ප්‍රතිපල

  3. අපේ රටේ දැන් ඉස්සරහට කොරෝනා හැදිලා මිනිස්සු මැරෙන්නේ නෑ! කොවිඩ් සංකූලතා රෝග වලින් මැරෙන මිනිස්සු, ඔය listඑකට ඇතුල් වෙන්නේ නැහැනේ. ඔය කාරනේට වෙන් කල මුදල් අපරාදේ. සල්ලි ටික ඉතිරි වෙයි !

  4. රංජිත් විජේසිංහ says:

    ඒකත් මරු මොකො ඕවට ගතු කියන එවුන්ට ඕකෙන් ගොඩ කාලයක් ජීවත් වෙන්න පුලුවන්. එවුන් දැන් කියයි ආණ්ඩුව මිනිස්සුත් මරාගෙන සල්ලිත් දෙනවා කියලා.

  5. ගෞම් ඊයාරාජ් says:

    අපරාදේ ඔය සල්ලි ටිකත් පාවිච්චි කරන්න තිබ්බා රට ටුවර් එකක් දාන්න , සැක්.😂😂😂

  6. රුක්ෂාන් සිල්වා says:

    මේ වෙලාවෙ ගොඩක් දුප්පත් මිනිස්සුන්ට ඒකත් ලොකු දෙයක්. ඒත් ඉතිං හොද දෙයක් උනත් කාගේ හරි මරණයකට විදම් කරනවා කියන්නේ ඒකෙන් පේන්නේ රටේ මරණ සංඛ්‍යාව වැඩී කියන එක. ඒක අඩු කරගන්න බලමු.

  7. Chathura Gunarathna says:

    appata siri marana walatat gewanna hadanawada? ekata nam ithin godak aya kamathi wei. moken hari kamak nh salli hambenawata kamathi jathiyakuth innawa ne?

  8. Sunil Perera says:

    hoda deyak nowunath ithin duppath minissunta hodk wei.hoda deyak nowunath ithin duppath minissunta hodk wei.

  9. Sagarika Alvis says:

    mekanam ane hoda wadak newei. sahanadara dunnath mewata salli wiyadam kara eka hoda nah. moko eken minissu maranayata wath baya wena ekk na.

Main News