කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

May 7, 2021 at 6:20 am | lanka C news
කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම රෝගීන් වර්ධනය අඩකින් වත් අඩු කර ගැනීමට සෞඛ්‍ය පැත්තෙන් සිතා රට වසා දැමිය යුතු බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

නමුත් ආර්ථික කළමනාකරණය පැත්ත සහ සෞඛ්‍ය පැත්ත තුලනය කර නොගත්තොත් කොරෝනාවෙන් මිය යනවාද බඩගින්නේ මිය යන්නේදැයි ප්‍රශ්නය මතු වන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදී රෝගීන් 2000ට ආසන්න දෛනිකව වාර්තා වුවොත් ආර්ථිකය සහ සෞඛ්‍යය දෙකෙන් සෞඛ්‍ය ප්‍රශ්නය ඉදිරියට එනු ඇතැයි ද ඔහු කීය.

මේ තත්ත්වය මත අවම වශයෙන් දින 7 ක කාලයක් වූ රට වසා දැමිය යුතු බවත් එසේ කළහොත් ආර්ථිකය කළමනාකරණය කරගෙන රෝගීන් සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඔහු කියා සිටියේය.

හඳුනා නොගත් ආසාදිතයන් විශාල පිරිසක් තවදුරටත් සමාජයේ සැරිසරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

41,664 views

15 Comments to “කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..”

  1. Jagath says:

    5000/- දෙන්නේ කවුද?

    • වයි දිස් කොලවෙරි says:

      රට වහන්නෙ මොන බම්බුවටද???

      රෝහලට ගිය ගමන් සායනික පරීක්ශණ වලින් සමත් වෙච්ච බටහිර බෙහෙත් දෙනවා. ඒව බිවුව ගමන් කොරෝනා හොද වෙනවා.

      කොරෝනා හැදිලා මැරිල තියෙන්නෙ සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු උන්.

  2. Kelegama says:

    රට වැසීමට අකමැති බයියන්ට කොරෝනාවෙන් ගෙවල්වලම මැරෙන්න අරින්න. එයාලට කියන්න මැරෙන ගමන් ආර්තිකය රැකගන්න කියලා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හෙම්බිරිස්සාවට රට වහනවද? නෑ.
      මොකද අමාරු උනොත් බෙහෙත් තියෙනවා.

      කොරෝනා නිසා රට වහන්න ඉල්ලීම් එන්නෙ බෙහෙත් නැති නිසා. නමුත් ඇත්තටම බෙහෙත් නැද්ද? බටහිර බෙහෙත් නැති උනාට හෙල බෙහෙත් තියෙනවා. ඒව දුන්න නම් රට වහන්න අවශ්‍ය නෑ.

  3. දැන්වත් ඇස් ඇරපල්ලා says:

    ඇඳන් 1200 තියෙන ” එක කොරෝනා වාට්ටුවක් ” හැදුවට වැඩක් නැහැ දවසකට දැනට හම්බුවෙන ගණනින් දවස් දහයක් විතර එකදිගට රෝගීන් හම්බුනොත්.. දවසකට සනීප වෙලා ගෙදර යන්නෙ දවසටක වාර්ථාවෙන ගානෙන් බොහොම පොඩ්ඩයි.

  4. කුඹුක්කණ් says:

    මිස්ටර් ලොක් ඩවුන්
    නෙගෙටිව් තින්කර්

    චව් චව්…

    උදේ පාංදර මුගේ නිවුස් දාන්න එපා ඇඩිමින් තුමෝ.. දවසම මූසලයි

    • දුස්රා says:

      චන්ද කල් දැමීමට,හොර ඩීල් ජනතා ඇස් වලින් වසා තැබීමට,ජනතා විරෝධතා වැලකීමට කොරෝනා රැළි මැවීම හා යොදාගැනීම මනුෂ්‍යත්වයට එරෙහි සාපරාදී ක්‍රියාවකි..Crimes Against Humanity.

    • fass says:

      Sahathika aththa yaluwa…moo dan madya prakashaka wela….dan rate inna bagayak ewun madya prakashakala wela. Please admin munwa pumbanna epa. Male nurse / PHI / MLT, heta anidda Attendants, maintenance, house keeping okkoma ei. Me kujeetha madya thamai me okkoma dewal karanne, kohen hari kawa hari allagena unge madiya thara kara gannawa.

  5. Fernando says:

    It is true I suppose! As one nation better to raise our voices. Politicians may act politically better to support the medical experts to make decisions! It will be difficult but need to listen!

  6. RT says:

    Russia’s Corona virus vaccines are as simple and reliable as the Kalashnikov rifle, President Vladimir Putin said as the country registeres a single-dose version of the Sputnik V vaccine.
    රුසියානු ස්පුට්නික් වී වැක්සීනය සෝවියට් දේශයේ කලෂ්නිකොව් රයිෆලය (AK 47, T56) මෙන්ම සරලයි විශ්වාසනීයයි – ව්ලැඩිමීර් පූටින්

  7. Dev says:

    ලන්කාවේ ප්‍රශ්නේ ඕක තමයි. රට වහනවද නැද්ද කියන එක PHI union කාරයාගේ ඉදන් හන්දියේ ත්‍රීවීල් අයියා දක්වා සියලු දෙන අදහස් දක්වනවා. වීව්ස් හිගන්නොත් ඉන්නවා මේ වගේ අදාල නැති මිනිස්සුන්ගෙන් අදාල නැති ප්‍රශ්න අහලා youtube views ටිකක් ගන්න දගලන හිගන්නෝ ටිකක්.

    අන්තිමට රටේ මිනිස්සු විශ්වාස කරන්නේ අදාල නැති union කාරයෙක් කියපු දෙයක්. සමහර විට ඒ union කාරයා මෙහෙයවන්නේ දේශපාලන පක්ශයක්.

  8. මොණරාගල් says:

    කුඹුක්කණ් මේ තත්වය විහිලුවට ගන්න එපා.පවතින අවධානම තේරැම්ගන්න මෙහෙම ගියොත් හෙට මැරෙන්නෙ ඔයා වෙන්න පුළුවන් ඔයාගෙ සමීපතමයෙක් වෙන්න පුළුවන් ඒකට ඔයා සූදානම්ද අපි දේශපාලනය කරමු.එත් මේ ගැටළුව ඔයාගේ දේශපාලන මතවාදය එක්ක පටලවාගෙන ප්‍රශ්නෙ දිහා පටු විදිහට බලන්න එපා

  9. Rasputin says:

    Mu kunu datha ge madya prakashaka

  10. Freedom says:

    Sir nemei me yakkui fail

Main News