කොරෝනාවෙන් මිය යන අයට මිනී පෙට්ටි නොමිලේ.. නිෂ්පාදන වැඩපිලිවෙල අරඹයි..

August 24, 2021 at 5:30 pm | lanka C news
කොරෝනාවෙන් මිය යන අයට මිනී පෙට්ටි නොමිලේ.. නිෂ්පාදන වැඩපිලිවෙල අරඹයි..

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් බහාලීම සඳහා මිනී පෙට්ටි නිෂ්පාදනය කිරීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව කටයුතු ආරම්භ කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් මිය ගිය විට එම මිනී පෙට්ටි නොමිලේ ලබාදීමට ද තීරණය වී ඇත.

සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ වෛරසයෙන් මිය යන අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස අසරණ වන බවත් එවන් අවස්ථාවල මිනීපෙට්ටි ලබා ගැනීමට යාමේ දී ඔවුන් තවත් පීඩාවට පත් වන බවත්ය.

ඒ තත්ත්වය මත වතුපිටිවල රෝහලේ සියලුම කොරෝනා මරණ සඳහා නොමිලේ ආදාහන කටයුතු සිදු කිරිමටද තීරණය කරයි ඇති බව ඔහු පැවසීය.

මිනි පෙට්ටි සඳහා අවශ්‍ය ලෑලි පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන බවත් සභාවේ සේවක මහතුන් විසින් මිනී පෙට්ටි නිෂ්පාදනය කරන බවත් සභාපතිවරයා තවදුරටත් කීය.

16,464 views

10 Comments to “කොරෝනාවෙන් මිය යන අයට මිනී පෙට්ටි නොමිලේ.. නිෂ්පාදන වැඩපිලිවෙල අරඹයි..”

  1. කුඹුක්කණ් says:

    එන්නත නොමිලේ , මිනිපෙට්ටියත් නොමිලෙ

    අපේ මිනිසුන්ව වල පල්ලට, මරණ අනුපාතය වැඩි කරපු එන්නත්කරණය වහා නවතනු

  2. සමනා says:

    සතුටුයි. උඹලා දේශීය ප්‍රතිකාර වැයික්කියේ ජනතාව නොමිදේ බෙදපල්ලා ඒතකොට වඩාත් සතුටු වෙන්න මට පුළුවන්

  3. S, Vitharana says:

    අපට අඩුව තිබුනේ එපමණයි. දැන් නිදහසේ මැරෙන්න පුලුවන්.

  4. ගාමිණී says:

    මුන් වගේ ගොන් හරක්ට ද චන්දේ දෙන්නේ.

  5. Monarch says:

    දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව වගේ Recycle කාඩ්බෝඩ් මිනී පෙට්ටිය දුන්න නම් ඉවරයි ගස් කපන්නේ නැතිව. මුදලුත් ඉතුරුයි ගසුත් ඉතුරුයි. මේ වගේ ඒවා තම රටේ ක්‍රයාත්මක වෙන්න ඕනේ. තිරසාර ක්‍රියා Sustainability active කරනවා කණ ගාටුවක කියනවා මේවට. දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව ආදර්ශයට ගන්න කියන්නේ අනික් අයටත් මිනි පෙට්ටි හදන්න

  6. Silva says:

    ජෝසප් ස්ටාලින්ට මිනීපෙට්ටි දුසිම් කීපයක් දෙන්න

  7. චන්ද දායක says:

    අගේ කරනවා වැඩේ. හැබැයි ඕක කියලා චන්දෙ කාලෙට ප්‍රතිඋපකාර ඉල්ලුවොත් නම් වැඩේ කැතයි.

  8. ගෞම් ඊයාරාජ් says:

    රටට ගිය කලක් ! අර කැළණිය පැත්තෙන් ඩෝං ගාලා සද්දයකුත් එක්ක ලබනවා කිව්ව සුභ කාළය මේක වෙන්නැති. අන්තිමට ජිවීතේට නොවහපු කැළණියේ පන්සලත් වහන්න උනා.

  9. හිල් ගේට්ස් says:

    මිනී පෙට්ටියත් එක්ක Wifi එකත් නිකං දෙනවාද බං !