කොරෝනාවෙන් මිය යන අය ආදාහනයට පෙට්ටියේ ගාස්තුව පවුල විසින් ගෙවිය යුතුයි..

November 25, 2020 at 6:48 pm | lanka C news
කොරෝනාවෙන් මිය යන අය ආදාහනයට පෙට්ටියේ ගාස්තුව පවුල විසින් ගෙවිය යුතුයි..

කොරෝනා වෛරසය ආසාදන මියයන පුද්ගලයන් ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටියක් සදහා වියදම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ගෙවිය යුතුය බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඇය අද දින පාර්ලිමේන්තුවට කියා සිටියේ කොරෝනා නිස මියයන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට කැමති මිනීපෙට්ටි තෝරාගත හැකි බවත් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවත්ය.

කෙසේ නමුත් ඒ සඳහා මුදල් ලබාදීමට නොහැකි පවුලක් වෙතොත් ඒ සඳහා රජය මැදිහත්වී අනුග්‍රාහකයකු සොයා දීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයෙකු ආදාහනය කිරීම සඳහා රුපියල් 58,000ක් අය කළ බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් කරණ ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

32,539 views

24 Comments to “කොරෝනාවෙන් මිය යන අය ආදාහනයට පෙට්ටියේ ගාස්තුව පවුල විසින් ගෙවිය යුතුයි..”

  1. Saman says:

    රෙස්පට් ස

  2. පොට්ටු වේ පඩිතකා ලියමි says:

    අනේ අම්මපා මුන් රෙද්දක් ඇඳගෙන ද මේවා කියන්නේ. තුහ් නොදකිං. මෙතැන රෙදි නැතුව කඩේ යන සාඩින් බයයන්ගෙන් අහන්න තියෙන්නේ දැන් සනිපද කියලා විතරයි. රට වටේ මිත්‍යවයි වහල් කමයි ඔළුවට දාලා මිනිස්සු ගොනාට අන්දනවා ඇරෙන්න මේ ඇමතිලාගේ ඇති වැඩේ මොකක්ද ?

    • Ruhdtug says:

      Yako hema dema rajayen denna oneda? Petti nethuwa gauravaneeyawa aadahanaya karanna kramayak hadapalla!

  3. Gon athal says:

    ethakota…..muttiya ta mokada karanne

  4. Please combine Traditional Local Medicine system with western to save Sri Lankans.

  5. aniwa says:

    Respect madam, respect sir !

  6. Siri Lankikaya says:

    Tax gewannath be Habey okkoma nomile labennath One.

  7. ක්‍රිමිනල් says:

    හැම මගුලම නිකං රජයට චෝදනා එල්ල කරන්නෙපා , දැං උබල කියන්නේ මිනී පෙට්ටියත් රජය අරන් දෙන්න ඔනේ කියලද ? තොපි කොවිඩ්19 බලෙං හදාගෙන තොපි විහින් නැහුනට ආණ්ඩුව පලිද ? නෑනේ ! දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා , රජය දෙවෙනි රැල්ල පාලනය කරලා තියෙන්නේ .ඔය අහුවෙන්නේ සතිගානකට කලින් පී.සී.ආර් කරපු එවුන් , ඉස්සරහට බලහල්ලකො.අනික අපි හම්බකලොත් අපි කනවා !

  8. ranjan says:

    රජයට වියදම් දරන්න දෙන්න එපා ඒවා දේශපාලුවන්ට හොරා කන්න තියෙන්නේ

Main News