කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු..

November 12, 2020 at 10:00 am | lanka C news
කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු..

‘කතෝලික විභාවනය’ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන් භූමදානය කිරීම කතෝලික ජනතාවගේ අයිතිවාසිකමක් – කතෝලිකයන් ද අධිකරණයේ මුල සිට නඩු පවරා ඇත

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ලෝකේ කිසිදු රටක් නොකරන ආකාරයෙන් අනිවාර්යයෙන් ආදාහනයට (පුච්චා දැමීමට) එරෙහිව මූලිකව සටන් වැදුණේ මුස්ලිම් ජාතිකයින්ටත් පෙර කතෝලික අපය.

ඒ සඳහා නීතිය ඉදිරියේ අප කතෝලික විභාවනයේ සභාපති චිරන්ත අමරසිංහ හා තවත් කතෝලිකයෙකු වන ඕෂල හේරත් සටන් කරන්නේ ය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් ද ඇත (එක් පෙත්සමක් අමුණා ඇත).

ඉස්ලාමීය ජනතාවට එරෙහිව යන අන්තවාදී මතවාදයන් ගෙන යන පුද්ගලයන් හා මාධ්‍ය අවසානයේ දැන හෝ නොදැන පහර ගැසුවේ නොදිරන ශරීර හා මරණය පරාජය කර උත්තානය වූ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සිදුරු මතින් විශ්වාස නොමැති අයට විශ්වාස ගොඩ නගනා අප කතෝලික දහමට ය.

භුමදානය ලබා දීම සම්බන්ධයෙන් රජය නිල නිවේදනයක් හෝ අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට කරුණු දැක්වීමක් සිදු කරනා තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු වුන ද, ඒවා විශ්වාස කිරීමට අප පසුබට වේ.

කොවිඩ්-19 ආසාදිතව වී මිය ගිය පුද්ගලයන් මිලියනයකට ආසන්න පිරිසක් මේ වන විට ලොව පුරා භූමදානය කර ඇත. එවැනි පසුබිමක විද්‍යාත්මක සාක්ෂි නොමැතිව ගොඩ නගනා සුරංගනා කතා විශ්වාස කිරීම මිථ්‍යාදෘෂ්ටිකයාගේ වැඩක් මිස, බුද්ධිමත් අපගේ ක්‍රමවේදයක් නොවනු ඇත.

තමා විශ්වාසය කරන ආගමේ නිර්ණායකට වලට අනෙකුත් ආගම්වලට විශ්වාසය යටපත් කරන්නට උත්සහ කරනා ඇතැම් පුද්ගලයන් ආදාහනය අනිවාර්යයෙන් කරන්න ඕනෑ, ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ඇති බවට යැයි කියමින් මෙරට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කල ද, එසේ නම් එම සාක්ෂි ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තහවුරු කර ගෙන, කොවිඩ්-19 ආසාදිත මරණ භූමදානය ලෝක සෞඛ්‍යට තර්ජනයක් බවට ඔප්පු කර, භූමදානය කෙරූ ඒ මිලියනකට ආසන්න සියලු සිරුරු නැවත ගොඩ ගෙන ආදාහනය කල යුතුය. එසේ නොකර ශ්‍රී ලංකාවේ පමණක් මෙලෙස නාඩගමක් නැටීමට යෑමෙන් පැහැදිලි වන්නේ ඔවුන් අන්තවාදීන් බවය.

මෙම කාරණාවේ දී අප මවිතයට පත් කරන කාරණාව වන්නේ, ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන කොවිඩ්-19 ආසාදිතයින්ගේ මල පහ ආදිය තම නිවසේ දී දින ගණනාවක් වැසිකිළි වලවල් හරහා භූගත ජලයට මුසු වීම ගැටලුවක් කර නොගත් පුද්ගලයන්, මිය ගිය දේහයක් හරහා සුසාන භූමියේ සීමාවන් තුල භූගත ජලයට සිදුවන බලපෑම ගැටලුවක් කර ගැනීමයි. ඉන්ද ඔප්පු වන්නේ මේ ආදාහනය අනිවාර්යය කිරීම පසුපස ඇති අන්තවාදි කාරණාව බවට අපි විශ්වාස කරමු.

එමෙන්ම ලෝකයේ වසරකට නව වෛරස හා අනු-වෛරස විශාල ප්‍රමාණයක් සොයා ගන්නා අතර, ඉන් කීපයක් ආසාදනය වීමෙන් ඇති වන සංකූලතා මත මිනිසුන් විශාල පිරිසක් මිය යයි. ශ්‍රී ලංකාවේ මෙම භූගත ජල කාරණාව සත්‍යයක් නම් කිසිදු දේහයක් භූමදානය කිරීම ගැටලුවක් වනු ඇත.

කතෝලික මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කතෝලික රදගුරුවරුන්ගේ වගකීමක් පමණක් නොව, සියලුම කතෝලිකයන්ගේ වගකීමක් බට මින් අප පෙන්වා දෙන්නෙමු. කතෝලික සභා නීතිය අනුව කතෝලික සභාවේ කිසිදු පූජකයෙක් හෝ රදගුරුතුමෙකුට ඒ ඒ පුද්ගලයන්ගේ විශ්වාසයට පටහැණිව කතෝලිකයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීම සාධාරණය කල නොහැක (අන්තවාදයට/දේශපාලනයට නැටවෙන අය මින් අදහස් නොවේ).

මෙම කාරණාවෙ දී අන්තවාදය පතුරවන පුද්ගලයන්ට මාධ්‍ය ආවරණය ලබා දෙන මේරට ප්‍රධාන මාධ්‍ය ආයතන, අන්තවාදි දේශපාලනයට යටත් නොවී සත්‍ය ඉදිරිපත් කරනා අප සංවිධානයට මාධ්‍ය ආවරණය ලබා නොදිම ද අපි හෙළා දකිමු.

“එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.” – ශුද්ධ වූ බයිබලය, රෝම 6:4

“මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.” – ශුද්ධ වූ බයිබලය, ධර්මදේශකයා 6:3

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

94,379 views

62 Comments to “කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු..”

  1. Osmand says:

    වතිකානුවත් මක්කමත් වසා ඇති බව නොදත් අන්ද මෝඩ භක්තිකයන් වැඩිවීම ලොවට මහත් ප්‍රශ්නයක්.

  2. දැන් ඔය ඇමෙරිකාවේ, කැනඩාවේ සහ අනෙකුත් රටවල ජීවත්වන ඔක්කොම බෞද්ධයෝ පමණක් වෙන්ට ඇති නේද. එකනේ උන්ගේ නීතියෙන්ම නියම කරලා තියෙන්නේ මිනී වැළලීම තහනම් කියලා. ඔය නීති කොරෝනා වලටත් ඉස්සර ආවේ ඒවා. ලංකාවේ පකලා මේ මගුලක් අනාගෙන දගලනවා. අලි මදිවට කොටි වලස්සුත් කීවලු.

    • Uditha says:

      ඇමරිකාවේ කවදා ඉඳන්ද මිනී වැළලීම නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. පවුලේ අයගේ කැමැත්ත පරිදි භූමදානය හෝ ආදාහනය කරන්න පුළුවන්. ඒවාට නීති දාලා නැහැ.

  3. Sarath Bulathsinghala says:

    What happens to the Catholics who are already cremated? Thousands of Catholics opt for this alternative. Does this mean that they cannot go through the Pearly Gates? We invite the author to come to the 21st Century and leave the grandmother’s tales found in your scriptures.

  4. Liyanage says:

    “. ….එවැනි පසුබිමක විද්‍යාත්මක සාක්ෂි නොමැතිව ගොඩ නගනා සුරංගනා කතා විශ්වාස කිරීම මිථ්‍යාදෘෂ්ටිකයාගේ වැඩක් මිස, බුද්ධිමත් අපගේ ක්‍රමවේදයක් නොවනු ඇත.. .”
    Who is intelligent and who is ignorant in this case…? You fundermentalist, you ask this question yourself. Hope you know what happened to scientist Gallio Gallili who told the world, the Earth was a Globe..!

  5. සිවිල් වැසියා says:

    මේ චිරන්ත අමරසිංහ කියන්නේ කතෝලිකයෙක් නෙවෙයි.අන්තවාදී හිවලෙක්.කතෝලිකයෝ කවදාවත් කාදිනල් තුමාට අපහාස කරන්නේ නැහැ. ඒත් මේ හිවලා කාදිනල් හිමිපාණන්ට අපහාස කළා මතක ඇති. ඉතිං මේ වගේ බුරුවෙකුගේ ප්‍රකාශයක් අරගෙන සමස්ත කතෝලිකයින්ව අපහාසයට පත් කරන්න එපා. කතෝලිකයින් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නේ නම් ඒ කාදිනල් තුමාගේ අත්සනින් පමණයි.ඒ හැර වෙන ගං කබරයින්ගේ ප්‍රකාශ වලට වටිනාකමක් දෙන්න එපා කරුණාකරලා

Main News