කොරෝනාවෙන් රට බේරාගන්න මහා දේව මෙහෙයක්..

May 10, 2021 at 4:40 pm | lanka C news
කොරෝනාවෙන් රට බේරාගන්න මහා දේව මෙහෙයක්..

දිනෙන් දින උතුරු පලාතේ සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් උතුරේ ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි හින්දු කෝවිල් රැසක මෙලෙස විශේෂ දේව මෙහෙයන් පවත්වමින් දේව කන්නලව් සිදුකරයි.

අදාල දේව මෙහෙයන් සඳහා පිරිස් සහභාගී නොවී පූජකවරුන් ඇතුලු කිහිප දෙනෙකු විසින් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කොරෝනා වෛරසය තුරන් වී උතුරු පලාතේ මෙන්ම ශ්‍රීලංකාවෙන්ද තුරන් වේවා යන ප්‍රාර්ථනාවෙන් මෙලෙස දේව මෙහෙයන් පවත්වනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,187 views

24 Comments to “කොරෝනාවෙන් රට බේරාගන්න මහා දේව මෙහෙයක්..”

  1. Be united says:

    සියලු දුසිරිතෙන්. පවින් පිරුනු මිනිසුන් ගෙ කීම දෙවියෙක් සිටී නමි අසයිද?

  2. samantha says:

    deyyo wedeta bessa kiynne lesi wen ne…

  3. 69 ලක්ෂෙන් 1ක් says:

    ජනාධිපතිතුමා එක එක හිපාටුවන්ගෙ, 20% කොමිස් කාක්කන්ගෙ, නීලකාස හොරුන්ගේ ගොන් උපදෙස් නැතුව දේශිය තාක්ෂණය සහ දැනුම ගැන විශ්වාසය තියල තීරණ අරගෙන රටට ආදරෙන් මේ රට පාලනය කරන්න ශක්තිය, ධෛර්‍යය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න.

  4. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

  5. අරුන සුසන්ත says:

    තවත් බුබුලක් හදපන් පුලුවන්නම්. පාඩුවෙ ඉන්නෙ නැතිව තව පාරක් “තේරු” වගෙ හාපන්.

Main News