කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත‍්‍රාදේවී

November 3, 2020 at 12:00 pm | lanka C news
කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත‍්‍රාදේවී

කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියේ තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන විවේචන සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

කොරෝනා මර්දනය සඳහා තමන්ට විවිධ ආගමික පාර්ශ්වයන්ගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට කන් දෙන බවත් ඒවාට සහභාගි වීමට ද සිදු වන බවත් ඇය සඳහන් කළාය.

එසේම සිදු දිනක සිදු කල ආගමික කටයුත්තක් සමච්චලයට ලක් කරමින් ඇති බවද පැවසූ ඇය තමන් මුහුදට බිලි වී හෝ කොරෝනාවලින් රට නිදහස් වන්නේ නම් හොඳ බව ද කියා සිටියාය.

තමන් මුහුදට බිලි වීමෙන් කොරෝනා තුරන් වන්නේ නම් තමන් එය කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.

61,361 views

79 Comments to “කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත‍්‍රාදේවී”

  1. John the baptice says:

    පිට රටවල කතෝලික ලෙඩ්ඩු ප්‍රන්සේ මරියා දේවිගේ පිහිට ලබාගන්නවා ලෙඩ සුවකර ගන්න

    මුස්ලිම්වරු දෙවටගහා පල්ලියට යනවා ලෙඩ සුවකර ගන්න ඉතිං මොකද?

  2. ඩී says:

    පිටරට වල සෞක්‍ය සම්බන්ධ තනතුරු බොහෝ විට දෙන්නේ ඒ අංශය ගැන උගත් අයට. අපේ රටෙත් එහෙමමයි. ඒකයි තව ටික දිනකින් නො. 1 ගන්න යන්නේ. Runner up වෙලා හිටි කාලය ඉවරයි. රටවල් අවංකවම සංවර්ධනය කරන්න උවමනාව තියෙනවානම් මේවගේ පදවි පිස්සන් අතට පත් කරයිද? රටේ කොරෝනා තිබුනාට සමාජේ කොරෝනා නැහැ. මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු. සහතික ඇත්ත

    • sunimal says:

      අපේ රටේ 20 ශතවර්ෂයේ කොරෝනා වෛරසයට බිලිවීමට හදන පවිත්‍රා දේවි ….හේතුව කුමක්ද ? ඇ ය බිලිවිමෙන් කොරෝනා නවතීද ? මෙහෙමත් විහිළු
      පිරිත් බලය විහිළුවට ලක් කරන පුද්ගලයින්ට කොරෝනා සාපය ලගදීම ලැබෙයි …සියලු දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

Main News