කොරෝනාවෙන් ලංකාවට ඉල්ලමක් පෑදේ.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වාර්තාගත මිලකට අලෙවි වේ..

May 16, 2020 at 5:30 pm | lanka C news
කොරෝනාවෙන් ලංකාවට ඉල්ලමක් පෑදේ.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වාර්තාගත මිලකට අලෙවි වේ..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ වසර ගණනාවක් කඩා වැටි තිබු මෙරට තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග යලිත් නගා සිටුවිමට අවස්තා උදා වු බවයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ රජය සෞඛ්‍යය අංශ  සහ ආරක්ෂක අංශ තේ නිෂ්පාදන කටයුතු සෞඛ්‍යය අංශ ලබාදුන් නිර්නායකවලට අනුකුලව පවත්වාගෙන යන ලෙස ලබාදුන් අවසරය මත කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට මුහුණ දෙමින් කඩා වැටි තිබු තේ කර්මාන්තය යලිත් නගා සිටුවිමට අවස්තාව උදා වු බවයි ෆෙරොස් මජිත් මහතා කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් කිහිපයක් තේ නිෂ්පාදන කටයුතු නතර කර තිබියදි ශ්‍රි ලංකාවේ උඩරට සහ පහතරට තේ වැවිලි සමාගම් සහ කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කටයුතු සිදු කල නිසා ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ විශාල ඉල්ලුමක් පවතින බවද මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පැවසිය.

තේ වතු ආශ්‍රිතව වැඩ කරන ශ්‍රමිකයන්ට කොවිඩ් 19 වෛසරය පැතිර යාම වලක්වා ගැනිමට සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් උපදෙස් නිසි ලෙස පිලි පැදිම නිසා වතුකරයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පාලනය කර ගැනිමට හැකි වු බව ෆෙරොස් මජිත් මහතා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

98 views

7 Comments to “කොරෝනාවෙන් ලංකාවට ඉල්ලමක් පෑදේ.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වාර්තාගත මිලකට අලෙවි වේ..”

  1. බබයි දේශයේ කුසිඇමති says:

    ඕකේ ..දැන් කට්ටිය පහුගිය දවස් වල හිටවපු බටු, බණ්ඩක්කා, අමුමිරිස් පැල ගලවලා පෝච්චි වල තේ කොළ හිටවන්න පටන් ගන්න. පැල හිටවලා ෆොටෝ ගහලා FB දාලා මාවත් tag කරන්න. 😛

    • මොන් ගල් කැපේ says:

      උඹ වගේ පොන්සියන් ටැග් කරන්න බෑ

  2. සජීදාස says:

    බිමල් ජෙප්පා හමු වෙලා අප්‍රිකාවෙන් උපදෙස් ගත්තද?

  3. Saman says:

    තම්බි අයින් කරන්න ඔය ලොකු පුටු valin

  4. ටොයිය says:

    Great 👍

  5. Love nature says:

    What Rolls Royce is to cars, Rolex is to watches, Havana is to cigars and Scotland is to whisky; Ceylon is to tea.

  6. Sarath says:

    Ethanath hambayak.
    Vinashai.

Main News