කොරෝනාවෙන් වැටුනත් දියුණු මනසක් ඇති ඇමරිකානුවන් ජෝ බයිඩන්ට ඉල්ලා අස්වන්නැයි කියන්නෑ..

March 23, 2022 at 3:00 pm | lanka C news
කොරෝනාවෙන් වැටුනත් දියුණු මනසක් ඇති ඇමරිකානුවන් ජෝ බයිඩන්ට ඉල්ලා අස්වන්නැයි කියන්නෑ..

1930 වසරෙන් පසු ලෝකයේ ඇතිවූ විශාලතම ආර්ථික අවපාත යුගය මෙම යුගය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ජනතාව වෙනදා නොවූ විරූ තරමින් පීඩාවකට පත්ව සිටින බවද හෙතෙම කියා සිටී.

අද ලෝක පරිමාණයෙන් විශාල උද්ධමනයක් ඇති වී තිබෙන බවත් එය අප වන් කුඩා ආර්ථිකයන් ඇති රටවලට දැඩි ලෙස බලපාන බවත් හෙතෙම පවසයි.

සියලු අතින්ම දියුණු ඇමරිකාවද කොරෝනා වසංගතයේ දරුණු බලපෑමකට ලක් වුවත් දියුණු මනසක් සහිත ඇමරිකානුවන් එරට ජනාධිපති ජෝ බයිඩන්ට ඉඩ ඉල්ලා අස්වෙන්නැයි නොකියන බව ද හෙතෙම පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

35,000 views

34 Comments to “කොරෝනාවෙන් වැටුනත් දියුණු මනසක් ඇති ඇමරිකානුවන් ජෝ බයිඩන්ට ඉල්ලා අස්වන්නැයි කියන්නෑ..”

  1. This man has become real gubbay,useless. He always thinks that srilankans are still just like frogs in a ruined well.

  2. මෝ says:

    අනේ බූරුවෝ.ජනාදිපති වෙනස් උනා කියල ඇමරිකාවෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ.පෙන්ඩමික් එකකදී වැඩකල යුතු පිලිවෙල ව්‍යවස්තාවෙන්ම කියල තියෙනවා.රස්සාව නැති උන මින්ස්සුන්ට ගෙදර හිටියත් පඩි ගෙව්වා මග ආන්ඩුවෙන් .හැම කෙනාටම එකම ගාන.බොහෝ අය තමන්ගෙ පඩියටත්වඩා,පඩි ගත්තා ගෙදර,ඉදං.ඊට,පස්සෙ දීමනා තුනක් ගෙව්ව,මුලු රටේම ජනතාවට.බිල් ගේට්ස් ට පවා ඒ දීමනාව ලැබුනා.ඒ මුදල් වලට ටැක්ස් ගත්තෙත් නෑ.ඒ දේවල් කරන්නෙ ආර්තිකය කඩා නොවැටී තියන්න.බොරුනං බැරිසිල් කපුටාස්ගෙන් අහල බලපං.ඌටත් ඔය දීමනා හම්බවෙන්න ඇති.