කොරෝනා අඩු කරන ක‍්‍රමය රනිල් සොයාගනී.. ලෝකමය තවම එය හොයද්දී රනිල් හොයාගෙනත් ඉවරයි..

June 7, 2020 at 10:01 pm | lanka C news
කොරෝනා අඩු කරන ක‍්‍රමය රනිල් සොයාගනී.. ලෝකමය තවම එය හොයද්දී රනිල් හොයාගෙනත් ඉවරයි..

කොරෝනා මර්දනය සඳහා තමන් විසින් යෝජනා කළ ආකාරයට රජය ක්‍රියාත්මක වූයේ නම් මැයි මාසය අවසන් වෙද්දී මේ රට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් තිබූ බව හිටපු අග‍්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන්ගේ යෝජනා අනුව කටයුතු කළේ නම් මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 500 ඉක්මවා නොයනු ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා පරීක්ෂණ පන්දාහක් පවත්ව ලෙස තමන් මාර්තු මාසයේදී ආණ්ඩුවෙන් ඉල්ලූ බවත් ආණ්ඩුව එය නොතැකූ බවටත් ඔහු චෝදනා කරයි.

තමන්ගේ යෝජනා නොතැකීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ආසාදිතයන් 1800 ඉක්මවා ඇතැයි ද පැවසූ ඔහු පරීක්ෂණ නිසි ලෙස සිදු කලේ නම් ආසාදිතයන් පන්සීයකට අඩු වනු ඇති බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් කොරෝනා සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්‍ෂණ කිසිවකින් පරීක්‍ෂණ වැඩිපුර කල විට කොරෝනා ආසාදිතයන් අඩුවන බවක් සොයාගෙන නැත. එසේ වන්නේ නම් අද කොරෝනා අඩුම රට වන්නේ ඇමරිකාවයි.

296 views
Main News