කොරෝනා අතරේ ඩෙංගු අවධානමක්…

July 24, 2020 at 2:05 am | lanka C news
කොරෝනා අතරේ ඩෙංගු අවධානමක්…

වව්නියාවේ මේ දිනවල ඩෙංගු පැතිරීමේ අවධානමක් පවතින හෙයින් මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් විසින් ඩෙංගු බෝවන ස්ථාන සොයා විශේෂ සොදිසි වැටලීමක් ආරම්භ කොට ඇත.

කොරෝණා අවධානම පවතින වාතාවරණයක  ඩෙංගු බොවන ස්ථාන හා එම ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇති අතර ඩෙංගු බෝවන ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය උපදෙස්ද එහිදී මහජනතාවට ලබා දීමද සිදු වෙයි.

මේ අනුව එහි එක් පියවරක් වශයෙන් වව්නියාව වේප්පන් කුලම් , කුරුමන්කාඩු, පූණ්තොට්ටම් සහ වෛරවපුලියන්කුලම් යන ප්‍රදේශයන්හි සොදිසි කිරීම් සිදු කල අතර ඉදිරි දිනයන්හි වව්නියාව නගරයම ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කොට ඩෙංගු බෝවන ස්ථාන සියල්ලක්ම මැඩලීමට පියවර ගන්නා බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

67 views
Main News