කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

May 4, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් රට යථා ත්ත්වයට පත් වීම හෝ නොවීම ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවද මෙම කාලසීමාව අධික සුපරික්ෂාව යටතේ පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ඉන්පසු තවත් කාලයක් යන තුරු සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් පාලනයට යටත්ව දෛනික කටයුතු පවත්වාගෙන යාම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

වෛරසය පාලනය සඳහා බලපාන ප්‍රධානම සාධකය වන්නේ ජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම බවද පැවසූ ඔහු සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට රජය ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැගීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේ ය.

එසේ කටයුතු කළහොත් කොරෝනා වෛරසය රට තුළ ඉතා සාර්ථක ලෙස පාලනය කල හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම තීරණාත්මක කාලසීමාවේදී ජනතා සහාය ලබා දුනහොත් රටේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටු වීම අසීරු කටයුත්තක් නොවනු ඇති බවට ද ජාසිංහ මහතා දැඩි විශ්වාසය පළ කළේය.

237 views

20 Comments to “කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..”

  1. vishnu says:

    චන්දෙ ළඟ ළඟ ම එනවා වගේ දැනෙන වා ..තැටිය රත් වේ ගෙන එන්නේ.. රොටිය ත් ලැහැස්ති වෙනවා..මෙයාට කවුද දන්නේ නැහැ ඔය ටික මීඩියා එකේ ඇවිත් කියන්න කියන්න කියලා ලියල දුන්නේ..කීයක් විතර ඇත මිට මෙලෙව්වද ? නැත්නම් පොඩි තර්ජනයක් දැම්මද ? කොරෝනා අපේ පාලනයේ නම් කොහොමද මහත්තයෝ අර පාරේ මැරිලා වැටෙන්නේ මිනිස්සු. සිනිබෝල නම් එපා වැඩේ හරි නම් හරි කියන්න නැතුව බොරු ෂෝ නම් එපා.

  2. Nawodhi says:

    Why you behaving like a slave. If it is over I bet you never going to open CMB as it is UNP dominated district.

Main News