කොරෝනා අපේ පාලනයෙන් ගිලිහී යා හැකියි.. මරණ බොහෝ ඉහල යා හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

October 25, 2020 at 10:29 pm | lanka C news
කොරෝනා අපේ පාලනයෙන් ගිලිහී යා හැකියි.. මරණ බොහෝ ඉහල යා හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

මෙවර කොරෝනා ව්‍යාපෘතියේදී විශාල වශයෙන් පැතිරීමක් දක්නට ලැබෙන බවත් ආසාදිතයන්ගේද වෛරස ප්‍රමාණය ඉතා ඉහළ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ නිසා රෝගියා රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ජනතාව සංචාරණය කරන මිනිසා රෝගය පැතිරීමේ අවදානම ඉතාම ඉහළ බවත් ඒ මහතා අනතුරු අඟවයි.

යම් ලෙසකින් මෙම රෝගය පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවක් පැමිණීමට හැකි බවත් එනිසා හැකි ඉක්මනින්ම පාලනය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.

එය එසේ කළ නොහැකි වූ වැඩිහිටි අය සහ නිදන්ගත රෝග ඇති අයට වැළඳීමෙන් මරණ ප්‍රමාණය ඉතා ඉහළ යාහැකි බවත් ඔහු අනතුරු අඟවා සිටී.

මේ හේතුවෙන් ජනතාව ඒකරාශී වීම, ජනතාව සංචරණය ඉතාම අවම කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

49,839 views

15 Comments to “කොරෝනා අපේ පාලනයෙන් ගිලිහී යා හැකියි.. මරණ බොහෝ ඉහල යා හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..”

  1. ක්‍රිමිනල් says:

    ජිරිබිරිස් නින්දෙන් නැගිටලා ! කොවිඩ්19 පාලනය කටපු රටවල් අතරෙන් අංක දෙක කියලා පාරම් බාලා ,හොරණෑ දාලා පම්පෝරී ගහලා ,දැන් උබලගේ පරිස්සම උබලා බලාගන්නලු ; මහ උන්නාන්සෙලා ඩබල 20 සම්මත කරගෙන සැපෙන් ඉන්නේ , උන්ට අපි උන්නත් එකයි මලත් එකයි.

  2. Aurora says:

    බටහිර වෙදකමේ කොරෝනවලට නියමිත වෙදකමක් නැති එකේ මොන මගුලකටද මිනිස්සු උස්සන් ගිහිල්ල ඉස්පිරිතාලවල ගාල් කරන්නේ? දේශීය වෙදකමෙන් සහ අයුර්වේදෙන් ප්‍රතිකාර ගන්න සලස්වන එකයි කරන්න ඕන. දේශීය වෙදකමට අවශ්‍ය නීතිමය පහසුකම සලස්වලා දුන්නනම් ඒ හොඳටම ඇති. බටහිර වෙදකම කියන වංචාවෙන් සහ බොරුවෙන් මේ වෙලාවේ හෝ ගැලවෙන්න ලැබුනොත් ඇති.

  3. kamal says:

    බ්‍රැන්ඩික්ස් එකේ පාලකයින්ට විරුද්ධව මුකුත් කියන්නේ නෑ නේද ?
    ඒ අය මේකට වග කියන්න ඔන නේද ?
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

Main News