කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න..- ජනපති

April 21, 2020 at 9:20 am | lanka C news
කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න..- ජනපති

කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මෙම වසංගතයේ අවදානම දැනගෙන, තමාත් තම රජයත් එය පාලනය කිරීමට කල්තියාම පියවර රැසක් ගත් බව කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළ බවත් සඳහන් කළේය.

කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල්දමනු ලැබූවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණය යළි පවත්වන දිනය තීරණය කළ යුත්තේ කලින් නියම කර තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසමම බවත්, ජනාධිපතිවරයා කීවේය.

පවතින තත්ත්වය හමුවේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව මැතිවරණ කොමිසමට තිබෙන බවත් අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.

කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයකුත් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.

– lankadeepa

240 views

15 Comments to “කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න..- ජනපති”

  1. Welassa says:

    Yehhh. We are the greatest achievers in this world. We defeated so called US, UK and Italy.

    • Rata Wenuwen says:

      ඒසමගම කොරෝනා බෝකර දේශපාලන වාසි සොයන පෑඩයා ප්‍රමුක 3 % ලාගෙන්ද ප්‍රවේශම්වීමටද කටයුතු සලස්වන්න, උන් කොරෝනාවලටත් වඩා භයානකයි

      • Dilan says:

        Sakachchawe thibunu lokuma awula thamayi…..eyagema jeshta upadeshaka LALITH WEERATHUNGA ta janadhipathi upades dena eka….eeka nam niyama joke ekak..hi…hi wena kawuruhari dammanan tikak goda yanda thibuna…..

    • tabloid says:

      those countries came back successfully after world war 1 and 11 and Spanish flu.

      • Don sarath says:

        Gobba wahalek

      • Makal says:

        Those countries created WW1, WW2 and Spanish flue and then won and killed millions in Japan after the surrender of Japan.

        After that those countries created wars in almost all developing countries using their proxies and killed more humans than the total killed in WW1 and WW2. The countries affected are Korea (1959), Vietnam, Laos, Cambodia (until 1976), several African countries, South and Central American countries including Chile and Panama, and in recent years Afghanistan, Iraq, Syria, Lebanon, Egypt etc. You must be really happy.

  2. Sisil Wimalasekera, Madampe says:

    You are a Great president in the Sri Lanka among all Presidents.

    • යොවුන් රාණි says:

      මුටත් දැන් ලොකු වෙලා තියෙන්නේ ඡන්දෙ තමයි. මිනිස්සු ඡන්දෙ නොදා ඉඳියි කියලා ද කොහෙද මතක් කරන්න කතා කළේ.. අනේ..#කේ අපි නොදන්නා චෙස් කිව්වාලු. දැන් මුන් ට මතක වත් නැහැ අපි කොහොමද කැවේ බිවේ කියලා, අපි කොහොම ඉසරහට කීයක් හරි හමබ කරගන්නේ කියලා නිකන් වත් ඇහැව්වේ නැහැ. අදට මාසෙකට වැඩි ..අතේ සතයක් නැහැ.

      • lanka says:

        athe sathe naha naha kiya kiya innawa boruwata….bar lagata gihin balanna one… okkoma government eka karana kan balan inna epa

      • ඇයි බං උඹ අර වෙනදට කලා වගේ පල්ලෙහ තියෙන එක විකුණගෙන කාපන්කො. හරි සිම්පල්නෙ. තාම යොවුන්නේ…නේ..ඒඒ

        උඹ මේකෙ කොට කොටා කරන දේයි ඒ පරණ job එකෙයි ලොකු වෙනසකුත් නැහනෙ..

        අල්ලප ගෙදර ඉන්න මම නොදැන්නවයෑ ඉතිං උඹේ කෙරුවාව.

  3. Thamali says:

    මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැක . මේ අවස්ථාවේ කොටස් වශයෙන් ජන්දය තිබීම වඩා කාලෝචිත හා නිවැරදි වේ . කොරෝනා බහුල , මැද කොළඹ , නැගෙනහිර කොළඹ , වැනි තදාසන්න හා බේරුවල පුත්තලම අකුරණ වැනි නගර හා මඩකලපු යාපන වැනි ද්රිස්තික්ක නොතියාම සිටීම ජනතා වාදී හා වඩාත් නිවැරදි වද්‍ය උපදෙස් පිළිපැදීම වේ

  4. MD says:

    Janapathitumani obawa pathkala ape katirayata Nihatamaneewa Adambara wemi.obata niduk nirogi suwaya labewa!Theruwan saranai.

  5. 1 3% says:

    100කට හැදුනත් මැතිවරණය තියන්න ඕන. තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චගන්න එකයි කරන්න ඕන. 2/3 බලයක් නියතයි. යුද්දේ දින්නා වගේ කොරෝනාවත් පරදන්න විමල් මැතිදු ඇතුළු මහින්ද මහත්තයට පුළුවන් එතකොට.ටෝයියෝ කපෝතියි මෙදා පාර

  6. Ravana Parapura says:

    හෙළ අබිමානේ ලෝකයට පෙන්වමු කොරෝනා පරදවමු

  7. sena says:

    ගරු ජනාධිපතුමා ඇතුලු මේ නිලධාරින් සමගම ඉදිරියටත් මේ රට සොව්බාග්ය නිතිගරුක දැහැමි රටක් කිරිමටත් මේරට පාලනයකිරිමටත් ඔබ සියලුදෙනාටම යොධබල යොධවිර්ය ලැබෙවා මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් ආරාක්ෂාවත් අශිර්වාදයත් නිදුක් නිරොගි සුවයත්ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු

Main News