කොරෝනා අබියෝගය ජනපති බාර ගනී.. රටින් බෙහෙත් සොයන තුරු නොඉද අපේ ක‍්‍රමයට හොයන්න මැදිහත් වේ..

January 31, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා අබියෝගය ජනපති බාර ගනී.. රටින් බෙහෙත් සොයන තුරු නොඉද අපේ ක‍්‍රමයට හොයන්න මැදිහත් වේ..

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.  වෛරසය  පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ. පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිතුමාගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය.

වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය  ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු යන ඇමතිවරු සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිණිය ප්‍රමුඛ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න

531 views

20 Comments to “කොරෝනා අබියෝගය ජනපති බාර ගනී.. රටින් බෙහෙත් සොයන තුරු නොඉද අපේ ක‍්‍රමයට හොයන්න මැදිහත් වේ..”

  1. Saman says:

    පිටරට සින්හල මිනිස්සු උපකරණ එවන්න

    • Lal says:

      මම මගේ ජංගිය එවන්නම්

    • සෝමෙ says:

      අපේ ක්‍රමයට! සුදුවෑන් ක්‍රමයට වෛරස් එකට විසද්‍රම් දෙන්නෙ, ….? හා හැදුන උන් අතුරුදන්කරල!

  2. Power says:

    අපි පූරුවේ කරපු පිනකට තමයි මේ වගේ අවස්ථාවක ගෝඨාභය ජනාධිපතිතුමා රටේ ජනාධිපති වෙලා ඉන්නෙ. අර යක්කු හිටියා නම්, මුළු ලංකාවට මේ වෙනකොට කොරෝනා හැදිලත් ඉවරයි.

    • දිගටම පෙන්වන නාට්ටි වලට හුරේ දදා හිටපල්ලා. දැන් බඩු ගිනිගණන්. උඹල කොරෝනා කකා පලදීලතියෙන පින ගැන හිතහිත හිටපල්ලා

      • නොදකිං says:

        අතපය නොහොල්ලා නොසිට යමක් කමක් වවන් කන්න බලපං. බොලාගෙ ලොක්කො මහ බැංකුවට කෙලපු කෙලිල්ලෙ හැටියට මේ තාම රට පවතින එකත් පුදුමයක්.
        හුටං/හිටං යුගේ වැව්ව ක්‍රෝටං කොල දැං ඉවරද බං?

    • sayumi says:

      හරියට හරි පවර් 👍👍

  3. Aceman says:

    Hopefully they are also watching the other ports of entry like the Colombo and Galle Harbours and also the Mattala airport.

  4. Crazy says:

    That’s real leadership. Also, it is shameful to see our medical and emergency staff are not equipped with proper safety kits. This a common phenomena across entire disaster management.

    Proper training, safety kits, equipment must be provided and follow international standards. This intuitive could be financed by cutting unnecessary ministerial and administrative cost including expenditure on luxury vehicles and housing.

  5. kamal says:

    ෙකාෙරානා සහ ඩෙංගු වලට බය කපටි සිංහලයො.
    සිංහල ජාතියෙ කර්මය විස්වාස කර අභිමානය රකින්න මුඛවාඩම් ඒපා ප්‍රතිශක්තිකරණය හදා ගන්න

    • Lotus says:

      මේකාට කමල් කියන නම දැම්මේ තුප්පහියෙක්ද මන්දා. සිංහලයො කපටි වෙන්නේ කොහොමද මෝඩයෝ. තමන් වගේ මිශ්‍ර මිනිස්සු තමයි කපටිිියෝ වෙන්නේ.

  6. CNW Pathirana says:

    Just few days.. then forget everything.

  7. ile says:

    දැන් එතකොට බටහිර වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා උපදෙස් ගන්න කොට ඒ බටහිර වෛද්‍ය
    ප්‍රවීණයන් නියම කරන්නේ දේශීය අරිෂ්ට, ගුලි, කල්ක ආදී දේශීය බේත්ම ද?

  8. Ashoka says:

    අපේ හෙළ වෙදකම, ඉන්දියානු ආයුර්වේදය සහ බටහිර වෙදකමට වඩා ඉතා දියුණු එකක්. බටහිර දියුණු වෛද්‍ය උපකරණ පරීක්ෂණවලින් සොයගතයුතු රෝග තත්වයන් අපේ පාරම්පරික වෛද්‍ය වරුන් විනාඩි කිහිපයකින් රෝගියා නිරීක්ෂණයෙන් සහ නාඩි පරීක්ෂාවෙන් සොයා ගන්නවා. අනෙක් වෙදකම් වලින් සුව කල නොහැකි බොහෝ රෝග හෙළ වෙදුන් සුවපත් කරනවා. අතුරු ආබාධත් නෑ. ඔවුන් ප්‍රතිකාර කරන ක්‍රම වේද වෙනස්. රෝගයට වඩා ඔවුන් මුල් තැන දෙන්නේ රෝග නිධානයටයි. රෝගය සුව වූ පසු නැවත වැළදීමේ හැකියාව අඩු ඒ නිසයි. මේ වෛද්‍ය ක්‍රමය තවම අප රටේ නීතිගත කර නැහැ. හෙළ වෙදදුරන් වෙදකම් කල යුත්තේ ආයුර්වේද සබාවේ ලියාපදිංචි වී. ලංකාවේ දක්ෂ සහ නියම පාරම්පරික හෙළ වෙදදුරන් සිටින්නේ අතලොස්සකි. ඔවුන්ගේ දැනුම ඉදිරි පරම්පරාවට රැක ගැනීම ජාතියේම යුතුකමකි. එසේම සැබෑ වෙදුන් ලෙස පෙනී සිටිමින් මුදල් ගරන හොර වෙදුන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම මෙන්ම දැනුම, වට්ටෝරු විදේශයන් වෙනුවෙන් සොරකම් නොකර දේශීය හෙළ වෙදකම නගා සිටුවීම සියලු දෙනාගේම වගකීමකි. එහි අයිතිය හෙලයන්ටම විය යුතුය.
    මෙම ප්‍රව්ර්තිය ඇසීම සහ නව ජනපති තුමා මේ ගැන උනන්දු වීම ජාතියම අගය කලයුතු දෙයකි.

    • Raigamaya says:

      koheda yako hoda weddun inne. baila gahanne nathuwa idapan. gihilla balapan lankawe sinhala baith ganna ledun ganana.0.001% thama sinhala baith ganne. eeta passe lede wedi wela yanawa doctor lagata. Gota ganna kiypanko sinhala baith Singapore yanne nathuwa.

      • වෙරිසොරි says:

        හොඳ වෙද්දු ඉන්නවා උඹලා වගෙ ගොබ්බයන්ට මුණ ගැහුනෙ නැතුවට

  9. Buruputha says:

    Lal vage para ballo innakam me ratata hari yaida?

Main News