කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන්..

August 28, 2021 at 6:20 am | lanka C news
කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන්..

කොරෝනා අරමුදල සඳහා තම වැටුප ලබා දීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තම සම්පූර්ණ වැටුප බැංකුවකින් ගත් ණය සදහා වාරික ලෙස කැපී යන බවද ඒ මහතා පැවසීය.

තමන් ජීවත් වන්නේ හරිම අමාරුවෙන් බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කොරෝනා අරමුදල සඳහා කීයක් හෝ එකතු කර දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

36,264 views

53 Comments to “කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන්..”

  1. SB says:

    අනේ මෙයාට අනුකම්පා කරන්න. ලක්ෂ 300ක ණයක් ගෙවන හරීම දුප්පත් අසරණ මනුස්සයෙක්. අයියෝ පව්.

  2. xb says:

    ඇස් බී මහත්තයා නෝනගේ පඩිය කීයද?

  3. Ranjan Somasinghe Balasuriya Arachchige says:

    Mr. Sb How much you want ? it is our duty to look after a person like you

  4. ණය ගත්ත තැන කියන්නකො මටත් ණයක් අරගන්න

  5. Amda says:

    අර හඟුරන්කෙත මාලිගාව උගස් කරපන්

  6. ට්‍රක් ඩ්‍රයිවර් says:

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තරු හතේ Residential area එකක් වන Brighton ප්‍රදේශයේ කුලියට දීලා තියෙන සුවිසල් මංදිරයේන් මාසෙකට ලැබෙන ආදායම ලක්ශ කීයද ?