කොරෝනා පැතිරෙන්නේ නෑ.. අපි උපරිම අවදානම පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විශ්වාසයෙන් රටට කියයි..

April 18, 2020 at 9:20 am | lanka C news
කොරෝනා පැතිරෙන්නේ නෑ.. අපි උපරිම අවදානම පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විශ්වාසයෙන් රටට කියයි..

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර යාමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කොරෝනා වෛරසයේ අවදානම් කාල සීමාව පසු කරමින් යයිද ඔහු පැවසීය.

මෙරට කොරෝනා ආසදිතයන් හඳුනා ගැනීමට බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශය අනුගමනය කරන ලද විවිධ ක්‍රියාමාර්ග, සැකකටයුතු පිරිස් මුල් අවස්ථාවේ දී නිරෝධයට ලක්කිරීම හා පරීක්ෂාවට ලක් කිරීම නිසා වෛරසය පැතිරීම පාලනය වූ බව ද ඔහු සඳහන් කළේය.

නමුත් මෙම වැඩපිළිවෙළ ඉදිරියටද ක්‍රියාත්මක කරන බවද පැවසූ ඔහු වෛද්‍ය පරීක්ෂණ ද මේ වන විට වැඩි කර ඇතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත් පවතින තත්වයන් ලිහිල් කල පසුද සමාජ දුරස්ථභාවය තව දුරටත් පවත්වාගැනීම ගැන උපරිම සැලකිලිමත් නොවුනහොත් මෙම තත්වය ඉක්මනින්ම අවදානම් තත්වයකට පත්වනු ඇති බවටද ඔහු අනතුරු ඇගවීය.

314 views

9 Comments to “කොරෝනා පැතිරෙන්නේ නෑ.. අපි උපරිම අවදානම පසු කරමින්..- සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විශ්වාසයෙන් රටට කියයි..”

  1. උදාර says:

    ස්තූතියි සියලු දෙනාටම.
    අති විශිෂ්ට ජයග්‍රහණයක්.. 🙏🙏🙏

  2. Hesh says:

    curfew අයින් කරාට පස්සේ රෝගය නීරික්ශනය කරන්නෙ කොහොමද කියන එක තමා අවධානය යොමු කරන්න ඕනෙ. වැඩ කරන දවස් බෙදන්න වෙයි. බස් කෝච්චි ජීවානුහරනය කරන්න වෙයි. රෝග ලක්ශන තියෙන සේවකයන් ගැන දැනුම් දෙන්න සේවාවක් අවශ්යයි. random විදියට පාරේ යන මිනිස්සු ටෙස්ට් කරන්න වෙයි.

    චන්දෙ පුලුවන් තරම් කල් දාන්න ඕනෙ. කොහොමත් ගෝටගේ මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තුවේ නෙවේ, නිලධාරීන් වශයෙන්.

  3. labba says:

    labba tamai iyet 6k maattu!! gon atal nodi hitapan api noka nobi inne chande tiyanna nemei meka iwarayak karpn mulin jokes nokara! sati 4k gihillat taama corona waartha wenawa!! office ariyot ekekta hadila tibbot api okkoma iwarai

    • Pukum says:

      First understand the meaning of what he said. The six new infection were all from quarantine centers. What the good doctor saying is there is no spread of virus from unknown patients in the society. So far all people infections were from a known patient. That means the situation is under control.

  4. TOYOTA කොරෝනා says:

    තව සති දෙකකින්…
    මචං කොරෝනා අවධානමක් තියනවද ? …
    ම්ම් ..මොකක්ද බන් කොරෝනා කියන්නේ ? අහල පුරුදුයි වගේ..

  5. Alapaluwa says:

    Well done,Excellent work Mr .Anil Jayasighe Hats Off

  6. Gunaruwan says:

    February mase damba diwa saha wides sanchara gihin apu godak ayatath corona. A aya sadda nathuwa innawa gewal wala koththamalli bibi. Mokada nirodhayane patan gaththe Marthu indalane. Sandudata wada patan gaththu gaman masayak athulatha lankawe thathwe narak wenna puluwan. A hinda february rata indan apu kattiya test nokara wada patan gaththothin karapu kapaweeme wadak nathi wei.

  7. chicken boy says:

    අපිට නපුරක් ව‍ෙන්න‍ෙ නෑ. පැරකුම්බා සිරිත කාව්‍යයෙහි 116 වන කවිය බලන්න. වසර 2500ක ඇවෑමෙන් දියසෙන් කුමරු මෙලොව පහල වන බව එහි කියා තිබෙනවා. ඒ බුද්ධ වර්ෂ 2500 නෙවෙඉ. විජය රජු අභිෂේක ලැබූ දා සිට වසර 2500කින් එළඹෙන කාලයයි. එනම් 2020 වසරයි. මේ අපේ ස්වර්ණමය කාලය ආයුබෝවන්. එක කාටවත් නවත්වන්න බෑ.