කොරෝනා අවදානම නැති ප‍්‍රදේශවල සීමා ඉවතට..

April 5, 2020 at 9:20 am | lanka C news
කොරෝනා අවදානම නැති ප‍්‍රදේශවල සීමා ඉවතට..

කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි කළේය. රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුවමාරුවේදී ප්‍රකාශ කෙරිණ.

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැත. ළග එන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතී. එබැවින් අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වත්මන් වැඩසටහන පවත්වාගනෙ ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කොට ඊළඟ පියවර තීරණය කිරීමට සාකච්ජාවේදී ඒකඟත්වය පළ විය.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමිනි. රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද තීරණය කරනු ලැබීය. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේ දී එකඟත්වය පළ විය.

ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ද තීරණය කෙරිණ. වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතකි. ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීහූ සඳහන් කළහ.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිළධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

70,027 Viewers

15 Comments to “කොරෝනා අවදානම නැති ප‍්‍රදේශවල සීමා ඉවතට..”

  1. MD says:

    RATA NIWARADI MAGATA YAMIN SITI.JANAPATI,AGAMATI TUMANI RATA NIWARADI MAGAKATA GANEEMA SADAHA OBALAGE UTHSAHAYATA SUBA PATUM 👍

    • Eranga says:

      කොලබ බෝඩින් / අනෙක්ස් වල හිරවෙලා ගමට එන්න බැරිවෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා, දින 14න් පස්සෙවත් චෙක් කරල එයාලට ගම් වලට එන්න ඇදිරිනීති බලපත්ත්‍ර දෙන්න විදියක් හදන්න පුලුවන්නග් ලොකු දෙයක්.

      • Sanath Kumara says:

        අද ඉදන් යන්න පුලුවන් පොලිසියට කතා කරන්න කියලා දැනුම් දීලා තියෙනවා.

        • jonana says:

          අනේ ලොකු දෙයක් මෙහෙත් ඉන්නවා කට්ටිය පොතුවිල් යන්න බලාගෙන යන්නේ කොහොමද එතකොට

    • Eranga says:

      කොලබ බෝඩින් / අනෙක්ස් වල හිරවෙලා ගමට එන්න බැරිවෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා, දින 14න් පස්සෙවත් චෙක් කරල එයාලට ගම් වලට එන්න ඇදිරිනීති බලපත්ත්‍ර දෙන්න විදියක් හදන්න පුලුවන්නග් ලොකු දෙයක්.

      • Janaka says:

        ඒක නම් ඇත්ත පොඩි ගෙවල් වලට කොටු වෙලා දවස් ගානක් ඉන්න අය ඉන්නවා. පොඩි ලමයි එක්ක. ගොඩක් අය 20 වෙනිදා ඉදන් ගෙවල් ඇතුලේ එයාලව චෙක් කරලා හරි ගමට යන්න පාස් දුන්න නම් හරි. ඒක හොද අදහසක්.

  2. Chinthana says:

    Yes …. Keep going….

  3. saman says:

    UV light වලින් උපකරණ වල virus නැති කරන්න පුළුවන්
    කාමර වල virus නැති කරන්නත් පුළුවන්
    හමට හොද නෑ

  4. සරදියෙල් says:

    මේ සමගම නොහික්මුනු හම්බයන් පාලනයටත් දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තොත් හොදයි. ඔවුන්ගේ වැරදි ක්‍රියාකාරකම් රටටම බලපෑමට ඉඩ තියානවා

    • ගරසරප says:

      රින්ග් ටෝන් මැසේජ් එක ඉස්සෙල්ලා දෙමලෙන් පස්සෙ සිංහලෙන් දුන්නොත් නරකද?

    • කෝ රොනාල්ඩෝ says:

      මචං කව්රු බලයටයට ආවත් ඔය හම්බ ඡන්ද ටික නැතුව බහුතරය ගන්න බැරි නිසා ඕකුන්ට ඕන දෙයක් කරන්න දීලා අහක බලන් ඉන්නවා. සිංහල අපිට තමයි ඔක්කොම නීති. දැන්වත් මේක තේරුම්.ගනිල්ලා.

      • coolmadu says:

        @ Ko Ronaldo
        Uba mahaburuwek kuliyata kahina

        • කෝ රොනාල්ඩෝ says:

          උඹ පොට්ටුවේ සෙරෙප්පු සුප් බොන එකෙක් නේද ? පලයන් පලයන් රෙදි නැතුවම කඩේ පලයන් නූගත් බූරුවා.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    මොනවා අධ්‍යනය කලත් කමක් නැහැ, භූමිදාන අවශ්‍ය නැහැ, ආදාහනය පමණයි. ලංකාවේ ඉඩම් සීමිතයි. නරකද ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් මින් ඉදිරියට ලංකාව තුල කිසිම කෙනෙකුට භූමිදානය තහනම් කරල. විශේෂිත හේතු නැත්නම් මළමිනී සංරක්ෂණය කරල තියාගන්න මොකක්ද අවශ්‍යතාවය.

Main News