කොරෝනා අවසන් කර නෑ.. කවුරුන් හෝ එසේ කියන්නේ නම් ඒ බොරු.. රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් රට පුරා…

April 13, 2020 at 10:40 am | lanka C news
කොරෝනා අවසන් කර නෑ.. කවුරුන් හෝ එසේ කියන්නේ නම් ඒ බොරු.. රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් රට පුරා…

කොරෝනා වෛරස් දින 30ක් ඇතුළත පරාජය කළේ යැයි කිසිවකු පුරෝකතන කරන්නේ නම් එය නිවැරදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ අද හදුනාගෙන සිටින කොරෝනා රෝගීන් සැලකුවද ඔවුන්ගේ පළමු ස්පර්ශයකයන් තුන්දාහක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව බව වසංගත රෝග අධ්‍යක්ෂවරයා පැහැදිලි කර ඇති බවයි.

එමෙන්ම මෙම වෛරසය ආසිදතයන් දින 14ක කාලයක් ගත වුවත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටීමට හැකියාවක් ඇති බවත් නමුත් ඔවුන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා දැන් කළ යුතුව ඇත්තේ එම රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් හුදෙකලා කර තබා ප්‍රතිකාර කිරීම බවත් ඔහුගේ අදහසයි.

පවතින තත්ත්වය අවදානම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවත් අවදානම පහව ගොස් නැති නිසා අවුරුදු කාලයේදීද නිවසේම රැඳී සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් කොරෝන වෛරසය අවසන් කලේ යයි කිසිම පුද්ගලයෙකු මේ දක්වා පවසා නැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවා සඳහන් කර ඇත්තේ වෛරසය යම් තරමකට පාලනය වී ඇති බවත් එනිසා පවතින සීමාවන් ඉවත් කිරීමේ හැකියාවන් යම්තාක් දුරකට පවතින බවයි.

දුරස්ථභාවය රකිමින් එදිනෙදා සාමාන්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව සහ ඊට ප්‍රවේශ වීමේ උපායමාර්ගය මේ දිනවල සාකච්ඡා කරන බව පමණක් ඔහු සඳහන් කර ඇත.

157 views

43 Comments to “කොරෝනා අවසන් කර නෑ.. කවුරුන් හෝ එසේ කියන්නේ නම් ඒ බොරු.. රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් රට පුරා…”

  1. Khans View says:

    තම ජනතාව LockDown තත්වයකට පත්කර සාගින්නෙන් මැරෙන්නට හරිනවාද නොඑසේ නම් වෙෙරසයට ජනතාව වනසා දමන්නට ඉඩ හරිනවාද යන දෙගිඩියාවේ අද තුන්වන ලෝකයේ රටවල් අසරණ වී ඇති බව පවසන අගමැති Imran Khan ඔවුන්ව ගලවා ගැනීමට ගෝලිය සහන අරමුදලක් පිහිටුවන ලෙස ඉල්ලා සිටී.
    ” While in the developed world the main dilemma is containing the coronavirus through lockdowns and then dealing with the economic impact…in the developing world, apart from containing the virus and dealing with the economic crisis, the biggest worry now is people dying of hunger ” – Imran Khan

  2. Fernando says:

    Gmoa officers don’t have any specialist knowledge in this area. Let relevant consultant doctors make comment. Not nuro consultant padeniya.

  3. True Srilankan says:

    ආණ්ඩුවට වාසි දායක වෙනකොට GMOA එකට වැඳගෙන හිටපු විමලෙගෙ කුලී ලියන්නො ටික ආණ්ඩුවට අවාසි වෙන කොට මඩ ගහන හැටි දැක්කම හරිම කුජීතයි.

    • Dehiwala kollaa says:

      True Sri lankan gono supid idiot, people are talking about the facts. Not bloody politics you fool.
      Mooda UNJVP HARAKO keep your bloody politics with you.

  4. Professional Doctor says:

    These guys showing their stupidity. They have not matured enough to tackle this situation. They are just specialized with handle the trade union activists. Even though they had MBBS presently act as idiots. So GMOA guys do your own business of trade union work and let the specialists to tackle the issue please

  5. Janaka from Matara says:

    .. quarantine this mob first. This country does not need them.

  6. Wali says:

    GMOA එක ඉන්දියාවේ අයව දවස් 14ක් තියන්න කියද්දි යවපු එකේ විපාක තමා අපි දැන් කන්නේ.. ඉතින් අපේ එවුන්ට තවටිකක් කෑම මදිවෙලා තියෙන්නේ …. එක හින්දා රට ඉක්මනට ඇරලා තව මාසෙකින් විතර රටම මල බත් කමු සතුටින්….!!!

  7. Kgs basnayake says:

    Can someone initiate to quarantine GMOA officials please?
    I think they are contagious.
    Dangerous to keep them in normal society.

  8. Ravana Parapura says:

    කොරෝනාව පැරදීමට අපේ හෙළ ඔසු ගැන ලෝකයට පෙන්වන්න

  9. Sanath Hiripitiya says:

    Shut your mouth since you know nothing about corona.

Main News