කොරෝනා අස්සේ මත්පැන් විකුණූ මත්පැන් අලෙවිසැලක් සීල්..

April 3, 2020 at 2:14 am | lanka C news
කොරෝනා අස්සේ මත්පැන් විකුණූ මත්පැන් අලෙවිසැලක් සීල්..

කිලිනොච්චිය කනගපුරම් හි ඇඳිරිනීතිය අවස්ථාවේ සමග රහසිගතව මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා දමා ඇති අවස්ථාවේ  කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවිකරන ස්ථානයකින් මත්පැන් අලෙවිකරන බවට ලැබුනු තොරතුතරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවත් එහි සේවකයින් විසින් මත්පැන් පුද්ලයින් වෙත අලෙවිකර ඇති බවද පොලිසිය පැවසීය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදීද ඉහළ මිළගණන් යටතේ මෙම ස්ථානයේ මත්පැන් අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

කිලිනොච්චිය පොලිසිය විසින් රජය විසින් පනවා ඇති ඇඳිරිනීතිය කඩකරමින් මත්පැන් අලෙවිකිරීම සම්බන්ධයෙන් නඩු පවරන බවත් සුරාබදු නිලධාරීන් විසින් අවන්හලේ මත්පැන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීම සම්බන්ධයෙන් එහි හිමිකරුට නඩු පවරන බවත් පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු කාර්යාල නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,353 Viewers
Main News