කොරෝනා අස්සේ රට අකර්මන්‍ය කරන්න මැතිවරණ කොමිසම කුමන්ත‍්‍රණයක..

May 28, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා අස්සේ රට අකර්මන්‍ය කරන්න මැතිවරණ කොමිසම කුමන්ත‍්‍රණයක..

මහ මැතිවරණය කල් දමමින් රටම අකර්මන්‍ය කිරීමේ විපක්ෂයේ උපාය මාර්ගයට මැතිවරණ කොමිසම සහය දක්වන බවට ජනතාව තුළ මතයක් ඇති වීම ස්වාධීන මැතිවරණ කොමිසමේ කීර්ති නාමයට විශාල කැළලක් බව හිටපු අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න සෙනෙවිරත්න මහතා පවසයි.

රත්නපුර  පැල්මඩුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කලේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,

අද අපේ රටේ කොරෝනා වෛරසය සාර්ථකව මැඩ පවත්වලා තියෙන්නේ. පසුගිය සති තුනේදී බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙක් වාර්තා වුනේ නැහැ.දැන් රෝගීන් වාර්තා වෙන්නේ නාවික හමුදාවෙන් සහ පිටරටවලින් පැමිණෙන අයගෙන් විතරයි.ඔවුන් සියලු දෙනා නිරෝධායන කඳවුරුවල ඉන්නේ. රට ක්‍රමනූකූලව යථාතත්වයට පත්වෙමින් තියෙන්නේ. රජයේ කාර්යාල ආරම්භ කරලා තියෙන්නේ.

ඒක නිසා මැතිවරණයක් පැවැත්වීමට දැන් කිසිදු ප්‍රශ්නයක් නැහැ.නමුත් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්ගේ කඹ ඇදිල්ල නිසා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තවමත් නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශකරල නැහැ.උසාවියේ තීන්දු දෙනකම් බලා ඉන්නවා.තීන්දු දීලා තවත් මාස දෙකහමාරක් විතර අවශ්‍යවෙන බව කොමිසම කියනවා.

දැන් නාම යෝජනා භාර අරන් මුලික වැඩ සියල්ල අවසන් කරලා තියෙන්නේ .අපේක්ෂකයන්ගේ අංක ටික ගැසට් කරලා ,තැපැල් ඡන්ද වැඩ ටික අවසන් කරලා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එතරම් කාලයක් අවශ්‍යද?.මේ යන විදිහට මහමැතිවරණය අගෝස්තු මාසය  දක්වා කල්යන ලකුණු තමයි දැන් තියෙන්නේ.මැතිවරණ කොමිසම කාර්යක්ෂම උනොත් ජුලි මාසයේ මැද උනත් ඡන්දය තියන්න පුළුවන්.සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,මහ මැතිවරණය ප්‍රකාශයට පත්කලේ මාර්තු මාසයේ මුලදී.මැතිවරණය පවත්වන්න තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදා.නමුත් දැන් මැතිවරණ කාල සීමාව මාස 5ක් පමණ දීර්ඝ වෙමින් යනවා.මැතිවරණය නිසා උපාධිදාරී පත්වීම් ලබා දීම අද නතර වෙලා.ඔවුන්ට ලබා දෙන රුපියල් 20,000 දිමනාව ලබා දීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවලා.

අඩු අදායම්ලාබී පවුල් වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා ලබා දීම නතර කරලා.කොරෝනා වලින් අසරණ වු අදායමක් නොමැති ජනතාව වෙත ලබා දෙන රුපියල් 5,000 දීමනාව ලබා දීමත් මැතිවරණ නීතියට පටහැනි බව ප්‍රකාශ කර තිබෙනවා.රාජ්‍ය සේවයේ උසස්  වීම් මාරුවීම් සියල්ල අතර මග ඇණ හිටලා.මෙහෙම දිගින් දිගටම රට ගෙනියන්න බැහැ.

මැතිවරණය කල්යෑම නිසා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී  ලබා දුන් ජනතා පොරොන්දු, සහන නිසි පරිදී ක්‍රියාත්මක කිරීමට අද බැරි වී තිබෙනවා. මැරුණු පාර්ලිමේන්තුවට නැවත පණ දීමට ජනාධිපතිතුමාගේ කිසිදු සුදානමක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්.එම වගකීම නිදාශීලීව නොවෙයි කාර්යක්ෂමව සිදු කරයි කියලා අපි බලන් ඉන්නවා.  සෙනෙවිරත්න මහතා  වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

 

73 views

8 Comments to “කොරෝනා අස්සේ රට අකර්මන්‍ය කරන්න මැතිවරණ කොමිසම කුමන්ත‍්‍රණයක..”

  1. Saradiel says:

    කොමසාරිස් විශ්‍රාම යන නිසා මුදල් ටිකක් උපයාගන්න බලනවා වගේ මේ ගැන පරීක්ෂාවෙන් ඉන්න.

  2. රනිල් says:

    මම තව සතියක් කල් දනෙවා කාලකණ්නි ටිකට මැතිවරණයේ අදාල වැඩ ික නොකරෙුවොත් බලා ගන්න හැකි

  3. T says:

    Me Mala Kolan Okooma Iwarai Aurudu 10 Kata Rata Hamudaen Palanaya Karanam.

  4. Punchi Banda says:

    JANATHAWATA COMISAMA GENA SEKAYAK NEHA.A UNAT MEKATA SEKAYAK ATHI CHANDE THAWA PARAKKU UNOTH JANATHAWATA MEYAWA AMATHAKA WEI KIYALA.COMISAMA KIYANNETH CORONA PALANAYA KARALA CHANDE THIYAMU KIYALA.THAMATH ASADITHA AYAWA HAMBA WENA NISA.

  5. Gama Rala says:

    Sunanda’s Brother ?????????

  6. namal raj says:

    Sinhala Bauddha 69 laxayak Gota ta vote kare, oya iniya , desha drohi, UNP+Samagi +JVP + Western Diaspora saha terrorists lata support karana, udaw karana saha ungen salli labaganna, MAKO ethulu mathiwarana komisamata ape Lankawa palanaya karanna api 69 laxayak oya kalakakanni, hora, desha drohi Mako saha mathiwarana comisamata ape lankawa veinasa karanna nemeit api vote kare.

  7. david milibanda says:

    On the one side Hooooole………….. On the other, Sunanda & Mahinda.
    Do these buggers love the Country? No………. themselves and their hidden agendas.

  8. පානුසිකා says:

    පිනට කන මැකො
    හම්බ කල මැකො
    වැඩක් නැති මැකො
    චන්ද නැති මොකො

    අපේ සල්ලි වලින් පිනට කන තොපි බන්ග වේවා

Main News