කොරෝනා අස්සේ හැකරුන් උපරිම වැඩ…

April 26, 2020 at 2:04 am | lanka C news
කොරෝනා අස්සේ හැකරුන් උපරිම වැඩ…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මේ දිනවල සිදුකරන අන්තර්ජාල ගනුදෙනු වලදි ආරක්ශා වන්න

මේ දිනවල අන්තර්ජාල ඔස්සේ සිදුවන මුල්‍ය ගනුදෙනු බොහෝ දෙනෙකු නිවසේ සිට ව්‍යාපාර කටයුතු මෙහෙයවීම නිසා ඉහලගොස් ඇත.මෙම තත්වය යටතේ බාහිර පාර්ශව විසින් අන්තර්ජාල හරහා සිදුකරන ගනුදෙනු වලදී යම් පාර්ශවයන් විසින් ඔබගේ මුල්‍ය තොරතුරු සොරාගැනීමට විවිධ උපක්‍රම දරනා බවත් යම් අන්තර්ජාල ගෙවීම් ගනුදෙනුකරු නොදැනුවත්වම සිදුවී ඇති බව පවසමින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත.

එමෙන්ම විවිධ ආයතන ලෙස පෙනී සිටිමින් දුරකථන හා විද්‍යුත් තැපැල් මගින් මාර්ගගත මුල්‍ය සේවාවල මුරපද හා (One Time Password) එක වරක් පමණක් භාවිතා කළහැකි OTP කේත ඉල්ලීමක් සිදුකෙරෙන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත. මේ හේතුවෙන් අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීමේදී විමසිලිමත් වන්නට කියා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

ගිනෙත් කරුණානායක
ප්‍රධාන සම්බන්ධිකාරක
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

198 views

One Comment to “කොරෝනා අස්සේ හැකරුන් උපරිම වැඩ…”

  1. නිරීක්ෂකයා says:

    ක්ෂ්ණික පණිවුඩ සේවා IM ඔස්සේ නොමිලේ DATA 1000GB ලබා දෙන බව පවසමින් මැසේජ් එවනවා ඒවා නවත්තන්න ක්‍රමයක් සොයන්න. එවන අයට විරුද්ඪ්ඃඅව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග පවසන්න.

Main News