කොරෝනා අස්සේ Data ගරානාවක්…

March 30, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා අස්සේ Data ගරානාවක්…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

COVID-19 සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති ජංගම දුරකථන යෙදුම් / වෙබ් අඩවි / පරිගණක මෘදුකාංග භාවිතයේදී ප්‍රවේසම් වන්න

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන් විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි.

විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ.

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවෙහිද විවිධ වර්ගයේ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි විවිධ පුද්ගලයින් සහ විවිධ සමාගම් විසින් නිර්මාණය කර ඇති අතර බොහෝමයක් යෙදුම් සහ වෙබ් අඩවි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම මෙවැනි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවකින් තොරවූ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි වෙත ඔබගේ දත්ත ඇතුලත් නොකරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට අවධාරණය කරමු.

තවද WhatsApp යෙදුම හරහා මේ දිනවල COVID-19 වයිරසය සම්බන්ධයෙන් (www internet-covid19 com) වැනි විවිධ වර්ගයේ යොමු (Spam Links) හුවමාරු වන අතර එවැනි යොමු සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

382 views

7 Comments to “කොරෝනා අස්සේ Data ගරානාවක්…”

  1. MAJ says:

    ඩේටා සමාගම් මිනිස්සුන්ගේ හිස් මොල වල ඉඳලා හුරගෙන කනවා! සියලුම දෙනා ප්‍රවෙසම් වෙන්නේ – ඩයලෝග් ඒගොල්න්ගේ කස්ටමර් සරවිස් නවත්තල. ඩයලෝග් ඩේට දාලා පිරිමහන්න බැ! – කවුරු හරි මැදිහත් වි ඩේටා බිසනස් එකට සාධාරනයක් කරන්න! බොහෝ දෙනා නිවසට වි වැඩ කරනවා! ඒ අයට මේ වෙලාවේ මේ සේවාව සාධාරණව සපයන්න – ස්තුතියි

  2. pramuka Wije says:

    Ane thopi danna iti gediya

    sampath bank ekata kelinna gihin ana gattha neda

    maha loku sangamaya

  3. SL says:

    Data විතරක් නෙවේ ,බැංකුත් එහෙම තමයි .බොහොමයක් කොම්පනි දුවන්නේ OD වලින්. දැන් latepayment කියල කොම්පැනි වලින් සල්ලි කපනවා .බොහොමයක් මිනිස්සුන්ගේ මාසික පඩිය ලැබිල නැහැ .ආණුඩුව කීවත් බැංකු තඹෙට් ගණන් ගන්නේ නැහැ..කොරෝනා ඉවර වෙද්දී බැංකු ලාභ ලබල තියෙයි බොහොමයක් කොම්පැනි වැහිලා තියෙයි ,ප්‍රතිපලයක් ලෙස රැකියා බොහොමයක් නැතිවෙලා තියෙයි

  4. sena says:

    අප දැනුවත් කිරිම පිලිබද ඔබතුමාට බොහොම පිං

    • UPUL says:

      mobitel eken mage phone eke auto salli adu una.katha kalama system error ekaklu. katha kalama complain ekak damma kivva.thama refund kale na. customer care 2 parakata vada katha karanna ba charge karanava.

      • කවිඳු says:

        ඩයලෝග් ඒ වගේමයි, ඩේටා කැපෙනවා. කොහොම කරත් ඉතුර කරගන්න අමාරුයි! පැකේජ් එක ඉවර වුන ගමන් මැසේජ් එනවා ගිගාබයිට් ගානට ඩේටා ගන්න කියලා ගිගාබයිට් 5 ක් රු 400 යි, 15 රු 100යි….ඒ දාලත් හරියන්නැ! කිසිම දෙයක් ඩවුන් ලෝඩ් නොකර හිටියත් ඉක්මනට ඩේටා ඉවර වෙනවා!

  5. සුරා says:

    Dialog data මාෆියාවට කවුරුහරි මැදිහත් වෙන්න ,