කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්

November 21, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්

කොරොනා පැතිරීම හේතුවෙන් වසා දමා ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශවල ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක මුදලක් සතියෙන් වියදම් කර දැන් මොකුත් නෑ කියන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රුපියල් පන්දහසක් ආධාරය ලබා දුන්නේ සතියකින් වියදම් කරන්න නොවන බව ද ඔහු පැවසීය.

තමන් මේ තොරතුරු පවසන්නේ කොළඹ දිසාපතිවරයාගෙන් විමසීමෙන් පසුව බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ වසා දමා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බවත් ඔවුන් දැන් පාරට බැස විරෝධය පළ කරන බවත්ය.

31,594 views

19 Comments to “කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්”

  1. Sanka says:

    ඒකනේ… ගල් බොතල් 3ක් ගත්තාම ඕක ඉවරයි…හරිනන්..ගල් බෝතල් 10ක් ගන්ඩවත් ආණ්ඩුව ගෙවන්න ඕනෑ..

  2. 5000 n kanna newei lewa kanna wenne

  3. බුද්ධි says:

    ඔයාලගෙ පඩියත් 5000 කරමු. 😂

  4. senanayake says:

    5000 n sathiyak kanna puluwanda. ehenam hamogema padiya 20000 karamu

  5. Wimal says:

    Gedara maseka Widulibila witharakt lakshayak wechchi eka neda me..

  6. මේගොල්ලෝ ආණ්ඩු කරනකොට Rs. 5000 ලොකු ගානක්. අනිත් අය දුන්න නම් සොච්චමක්. කට තමා කට….

  7. corona says:

    නිකන් සල්ලි දෙන්න සල්ලි මැවෙන්නෙ නෑ. මේ අමාරු අවස්ථාවේ හැම කෙනෙක්ම අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරගෙන යන්න. අපහසුතා ඇති ප්‍රදේශ වලට අපි අපි එකතුවෙලා උදව් කරමු. ඕක නේද සිංහල ගතිය? ආණ්ඩුවත් රිම් එකෙන් දුහන කාලේ සන්ඩු කර කර ඉඳලා වැඩක් වෙයිද?

Leave a Comment

Main News