කොරෝනා ආසාදිතයන් ඉහලට.. තවත් ප්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..
December 3, 2020 at 3:00 pm | lanka C news
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කටයුතු කර ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමු වු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොවිඩ් වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අවත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා ඇත.
පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂක සේවා කාර්යයලයේදි (03) දින පැවැත්වු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණයට එලඹි බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාණ් පේමසිරි මහතා විසින් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරයාට එ බැව් දන්වා ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
මෙවර ශ්‍රිපාද වන්දනා සමය එළැඹෙන පොහෝ දිනයෙන් ආරම්භ වෙනවා. මෙම ප්‍රදේශවලින් කෝවිඩ් අවධානම පූර්ණ වශයෙන්ම නැතිවෙනතුරු හැටන්- නල්ලතන්නි පිවිසුම වසාදැමිය යුතුයි . පෝයට තවත් සති තුනකට වඩා තිබෙන බැවින් තත්වය යහපත් වේවා යැයි සිතමු !