කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි..

May 15, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි..

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස්වගම රඳවා තබා අධීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය එළඹෙන 17 වන සදුදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පලමුව නියාමන වැඩපිළිවෙළක් ලෙස මෙය එදින සිට ආරම්භ කරන බව කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

නිවසේ රැඳී සිටින ආසාදිතයන්ට සංකූලතා මතු වුවහොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

දැනට කොරෝනා ආසාදිතව රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ඇතුළත් කර සිටින පිරිස් ඇතැම් පිරිස් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයන්ට රෝහල් පහසුකම් ලබා දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

26,537 views

7 Comments to “කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි..”

  1. dev says:

    Grate idea.
    every counties doing that.

  2. ආදරෙයි ලක් මවුනි says:

    එහෙම නම් දැන් පිට රටවලින් එන අයගේ PCR report බලලා ඕන නම් ලංකාවේත් PCR test result එකක් බලලා කෙලින්ම ගෙදර යවන්න පුලුවන් නෙ.බොරුවට හිතවතුන්ගේ හෝටල් වලට අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරා කන්න නොදී…. නැත්නම් ආපහු දින 7 කරන්න පුළුවන් ගරු ජනාධිපති තුමාට පෙනේවා

    • sana says:

      aniwa…..munta thama hoda business ekak meka…ekai me wasala wade karanne

    • කුවෛට් පොඩි එකා says:

      ඇත්තෙන්ම ඔබේ අදහස ඉතාමත් අගනායි…ඒත් මහ උන්ට වියදම් කල අය හම්බ කරගන්නෙ කොහොමද ? අහිංංසක දුප්පත් මිනිසුන් හැම පැත්තෙන්ම තලනවා මහ උන්ට හම්බකර ගන්න…

  3. desta says:

    berida meda mulanata enna karanna beri magul karala ratama kewa Ayala mallila

  4. Love nature says:

    නිවසේ සිට නිරෝධායනය වීම’

    එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10ක් තිබේ.

    එනම් නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම
    පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම
    නිතරම සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම
    පිරිසිදු නොකළ දෑතින් ඇස්,නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම
    නිරෝධායනයට ලක්වන පුද්ගලයා සඳහා පිගන්, කෝප්ප, ඇඳ ඇතිරිලි වෙන් කර භාවිත කිරීම සහ ඒවා සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම
    නිවසේදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම
    නිරෝධායනයට ලක්ව සිටින දින 14 තුළ උණ කැස්ස සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලකෂණ ඇතිවුවහොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කිරීම
    නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙනම වැසිකිළි පහසුකම් සැපයීමට නොහැකි නම් පවුලේ සෙසු සාමාජිකයන් වැසිකිළිය භාවිතයට පෙර දොර අගුලු , ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම
    නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකීම
    නිරෝධායනයට ලක්වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ , අත්වැසුම් ආදිය නිසි පරිදි ආවරණ කරන ලද බඳුන්වලට බැහැර කිරීම යන කරුණුයි.

    මෙම උපදෙස් නිසි ලෙස අනුගමනය කරන්නේ නම් ඔබට ඔබවත්,අන් අයවත් නිසැකවම ආරක්ෂා කර ගත හැකිවනු ඇත

  5. Aurora says:

    නිරෝධායනයට ගෙදර ආගමන් කොරෝනා සුවකරන්න ප්‍රතිකාර තියන හෙලවෙද මහතෙකු අමතා ඖශධ ගෙන්වගෙන බොන්න. දින 2-3 සුව වෙනවා. මමනම් ප්‍රතිශක්ති ජනක ඖශධ පාවිච්චි කරලා සුවෙන් ඉන්නෙ.

Main News