කොරෝනා ආසාදිතයන් නිරෝධායන මද්‍යස්ථානවලට.. අසාධ්‍ය නම් පමණක් රෝහලට.. ආශ‍්‍රිතයන් ගෙදර..

October 29, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් නිරෝධායන මද්‍යස්ථානවලට.. අසාධ්‍ය නම් පමණක් රෝහලට.. ආශ‍්‍රිතයන් ගෙදර..

අලුතින් හඳුනාගන්නා කොරෝනා ආසාදිත පුද්ගලයන් ‍ත‍්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇතුලත් කිරීමට තීරණය වී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ රජයේ රෝහල්වල ඇඳන් පහසුකම් වෙන් කිරීමේ ගැටළුවට විසඳුමක් ලෙසයි.

මේ අනුව මූලික වශයෙන් කහගොල්ල හා ගල් කන්ද නිරෝධායන මධ්‍යස්ථාන වලට ආසාදිතයන් හා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම මධ්‍යස්ථාන අතරමැදි වෛද්‍ය නිරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර වෛද්‍යවරුන් විසින් පාලන කටයුතු සිදුකරන අතර කෑම බීම ආරක්ෂාව ඇතුළු කටයුතු ත්‍රිවිධ හමුදා මගින් සපයනු ලබයි.

එම මධ්‍යස්ථානවල රඳවන අයගේ සංකූලතා ඇතිවන්නේ නම් ඔවුන් ළඟම ඇති කොරෝනා ප්‍රතිකාර රෝහලට යැවීමට තීරණය වී ඇත.

දැනටමත් තීරණය කළා ඇත්තේ කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් තම නිවසේම නිරෝධානයට සැලැස්වීමටයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටින සියලු පුද්ගලයන් සියළු දෙනා ඉදිරි දින දෙක තුන තුළ නිවාස වෙතයොමු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊට පෙර ඔවුන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරන බව ද ඔහු පැවසීය.

23,013 views

10 Comments to “කොරෝනා ආසාදිතයන් නිරෝධායන මද්‍යස්ථානවලට.. අසාධ්‍ය නම් පමණක් රෝහලට.. ආශ‍්‍රිතයන් ගෙදර..”

  1. Saman says:

    මැටි වලින් හරි වෙනම කොටසක් කාමරයක් හදන්න

    • mcc says:

      මැටි ඇමති වැඩ බාරගෙන තාම වැඩි කාලයක් නෑනෙ.අසාධාරණයි එහෙම කියන එක

  2. SANKA says:

    ඇත්තටම මිත්‍රවරැනි ඕක අනිත් රටවල් කරද්දී අපි හිනාවුනා මොකද අපිවගේ දන්න අපි වගේ පම්පෝරි ගහන උන් අනිත් රටවල් වල නැතිනිසා.

    ඒත් දැන්නං මිත්‍රවරැනි වැඩේ කෙලවෙලා පුක බිම ඇනෙද්දි තමයි අපේ මොලේ වැඩ කරන්න ගත්තේ.

    ඒත් තව ටික දවසයි මිත්‍රවරැනි අයෙත් පම්පොරි ගැහිල්ල පටන් ගන්නවා.

  3. දෙන්න සුදෝ දෑතට ඔය දෑත says:

    අපි නම් කොරෝනා හැදුනත් ගෙදරම තමා. ආයේ අණබෙර ගහන්න ගියේ නැහැ. හවසට සුගතේ අයියාගේ පොට් එකෙන් ” සුදාගේ වඩිය” පැනිය කාලක් ක්‍රියා කරනවා. ඊට පස්සේ කොරෝනා නිසා එන තෙහෙට්ටුව කොහේ ගියාද කියලා හොයා ගන්නත් බැහැ. කොරෝනා කියල මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් උගුර රිදෙනවා, යාන්තමට උණ තියනවා, හවසට කකුල් දෙක පොඩ්ඩක් කකියනවා. ඒ වගේ ද ඉස්පිරිතාල ගානේ ගිහින් පරිප්පු කන එක.

    • කාන්තාර පළඟැටියා says:

      මට හම්බවුනු දාර සාඩිං බයියො කීපදෙනෙක්ම කීවෙ මේ විදිහටමයි. දෙමව්පියො දරුවො මලත් මුංගෙ වහල්කම නැතිවෙන්නෙ නැහැ

  4. ලාල් says:

    මෙය භයානක තීරණයකි. සෘජු ආශ්‍රිතයන් ආසාදිතයන් වීමේ සම්භාවිතාවය ඉතා ඉහළය.

  5. kawinda says:

    එහෙම කරන්න පුළුවන්නම් විදේස රටවල ලංකාවට එන්න බලාගෙන ඉන්න අයව ගෙන්නලා ටෙස්ට් කරලා එයාලඅගේ ප්‍රතිපල සෘණාත්මක නම් එයාලවත් ගෙවල් වල නිරෝදනය කරන්න පුලුවන්න්නේද. දැන් මාස ගණනක් මිනිස්සුන් මේ රටවල දුක් විඳිනවා. හිතල බලන්න රැකියාවක් නැතිව වෙනත් රටකදී මෙහෙම උනාම තියෙන අසරණ කම.

  6. de says:

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පදයට නටලද කොරෝනා මර්දනය කළේ…???

  7. ඕමාර් ගේ ජොකී යා says:

    කලබල වෙන්න එපා. හෙට අනිද්දට කියයි කොරෝනා හැදිලා වල කජ්ජ ගැහුවොත් විතරක් 1919 ට කෝල් එකක් දීලා දැනුම් දෙන්න කියලා. පුළු පුළුවන් අය දැන්මම මිනී පෙට්ටියක් ගෙනත් තියා ගන්න.

  8. ක්‍රිමිනල් says:

    මයික් පිම්පියෝ බෛයො 20 සම්මත කරගන්නකං හිටියා රට ගොඩදාගන්න. කෙලියා නේද තාප්පෙට. පුන්නක්කු ඇට නවය රට වලපල්ලට ඇරියා ඇරිල්ලක් ආයේ ගොඩ එන්න බැරිවෙන්නම

Main News