කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රදවන්න මාර්ගෝපදේශ හදන්නැයි ජනාධිපති දැනුම් දෙයි…

May 18, 2021 at 3:15 am | lanka C news
කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රදවන්න මාර්ගෝපදේශ හදන්නැයි ජනාධිපති දැනුම් දෙයි…

කොරෝනා අසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන අය තම නිවෙස් තුළම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රැදවිමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම නිර්ණායක මේ සති අන්තයේ දී සකස් කරනු ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කළේය.

බරපතල කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කර ප්‍රතිකාර කරවන බවත් බරපතළ නැති රෝග ලක්ෂණ ඇති අය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ට ඇතුළත් කරන බවත් පවසන ඔහු රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රදවන බවත් පැවසීය.

නමුත් තම නිවෙස් වල ඒ සඳහා පහසුකම් නැති අය අනිවාර්යෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේවත් කොරොනා රෝගීන් සියලු දෙනා නිවෙස්වල රැුදවීමට පියවර නොගන්නා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

16,123 views

6 Comments to “කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රදවන්න මාර්ගෝපදේශ හදන්නැයි ජනාධිපති දැනුම් දෙයි…”

  1. desta says:

    janadipathi yata onna unne minissu tika marala danna nethnam rata lock down karanna tibun

  2. ප්‍රේමනාත් says:

    ලංකාවේ දොස්තරලා ගොඩාක් ඉන්න හින්දා වැඩේ හොදයි.

  3. Dil says:

    11 patients were in a private house and they got treated by themselves. Now they are recovered. So do not worry to stay at home. Take Vitamin C & D. Kottamalli and ginger. Steaming, drink hot water etc etc.

  4. සැනසෙමුද වැළලෙමුද දැන් සනිපද says:

    77 ජේ අර් ගෙනල්ල හතරෙන් තුනක්ම දීලා අන්තිමට මිනිහා ආපස්සට අරිනකොට ඡන්දෙ දීපු උන්ම වැළලෙන්න හැදුවා. එකේ අනිත් වර්ෂන් එක තමයි මේ. ඉස්සරහට කොරෝනා හැදුණු උන් කෙලින්ම වලදාන්න කියලා නියෝගයක් දුන්නත් සද්ද වහල හිටපල්ල. කොහොමත් ඉසාරහට චීනා මේකේ බලය ආර්ථිකය අතට ගත්තම ( අර jr ඉන්දු ලංකා ගිවිසුම ගැහුවා වගේ) අපිත් චීනෙට වැඳගෙන උන් කියන කියන විදිහට ඉන්න වෙයි. කොහෙද ඉතින් කොයි ආණ්ඩු ආවත් නිවහල් සිතුවිලි පිරි වහල් බයියන්ගේ ගෝත්‍රික වැඩ නිසා මේ රටට කෙලවෙලා ඉවරයි.

  5. Jagath says:

    තව කොමිස් ගහලා ජිම් කට්ටල් ගෙනත් රටම චීනෙට විකුණලා බාප්පා පුත්තු රටින් පනින්න වගේ හදන්නේ…..

  6. Alapaluwaa says:

    69 ලක්ෂෙ එවුන් සේරටම කොරෝනා හැදිලා මකබෑවිලාම පලයං දෙවියනේ.

Main News