කොරෝනා ආසාදිතයන් නේවාසික ප‍්‍රතිකාර දීමට පුද්ගලික රෝහල්වලට අවසර..

December 12, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් නේවාසික ප‍්‍රතිකාර දීමට පුද්ගලික රෝහල්වලට අවසර..

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට ඔවුනගේ කැමැත්ත පරිදි පෞද්ගලික රෝහල්වල නේවාසික ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එසේ නේවාසික ප්‍රතිකාර සපයන කොරෝනා ආසාදිතයන්ට රෝහලේ සාමාන්‍ය වාට්ටු භාවිතයට අවසර නොලැබෙන බවය.

ඒ අනුව අදාළ රෝහල විසින් පවත්වාගෙන යනු ලබන රෝහලෙන් බැහැර නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පුද්ගලික රෝහල්වලට උපදෙස් දීමට රජය සූදානම් වෙමින් තිබේ.

14,995 views

One Comment to “කොරෝනා ආසාදිතයන් නේවාසික ප‍්‍රතිකාර දීමට පුද්ගලික රෝහල්වලට අවසර..”

  1. Aurora says:

    පෞද්ගලික රෝහල් දේශිය වෛද්‍යවරුන්ගේ සහය හොරෙන් හෝ ලබාගත්තොත් ඉතාමත් ඉක්මනින් ගොඩ යන්න පුලුවන්.

Main News