කොරෝනා ආසාදිතයන් මහ පාරේ මැරෙන කතා බොරු.. පාරේ මිය ගියේ යාචකයෙක් පමණයි..

November 20, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් මහ පාරේ මැරෙන කතා බොරු.. පාරේ මිය ගියේ යාචකයෙක් පමණයි..

කොරෝනා ආසාදිත රෝගීන් මහ පාරේ තැන තැන වැටී මිය යන බවට පළ වන වාර්තා අමූලික බොරු බව කොරෝනා පාලනය කිරීමේ ක්‍රියා නෙක මධ්‍යස්ථානය ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පාරේ වැටී මියගොස් ඇත්තේ එක් යාචකයෙකු පමණක් යැයිද ඒ මහතා පැවසීය.

එසේ අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයන් කිහිප දෙනෙකු දැනටමත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 25 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

නිවෙස්වල මියගොස් ඇති වැඩි පිරිසක් නිදන්ගත රෝගවලින් පෙළුනු අය බවට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇතැයි ඒ මහතා පැවසීය.

නිදන්ගත රෝග සහිත පුද්ගලයන් නිවෙස්වල සිටී නම් හෝ කිසියම් අපහසුතාවක් ඇතැයි හැඟීමක් ඇති වුවොත් ළඟම ඇති රෝහලට වහාම යන්නයි තමා ඉල්ලා සිටින බවද ඔහු කීය.

එවන් පුද්ගලයන් රෝහලට ගෙන යාමට වෙනම ගිලන් රථ සේවාවක් අරඹා ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

13,899 views

5 Comments to “කොරෝනා ආසාදිතයන් මහ පාරේ මැරෙන කතා බොරු.. පාරේ මිය ගියේ යාචකයෙක් පමණයි..”

  1. Muditha says:

    Today at 4.30Pm Maragama near clock tower(pola) one man was fallen on the road and then he was taken by 119. Police were also there. But don’t know why he was fallen on the ground.

  2. Anill says:

    ලෝකෙ හැම තැනම කොරෝන වලින් මැරුණෙ නිදන්ගත රෝග තියන අය තමයි.

  3. ක්‍රිමිනල් says:

    අන්ධයන් පිරිසක් ඇතෙකුගේ සිරුර පිරිමැද බලා තම තමන් අවබෝධ කරගත් ආකාරයට උගේ හැඩරුව කීවෝය. ඇතාගේ කන අතගා බැලූ අන්ධයා කීවේ ඇතා කුල්ලක් වගේය කියාය. ඇතාගේ කකුලක් අල්ලා ගත් තැනැත්තා ඌ වංගෙඩියක් වගේ යැයි පැවසූහ. ඇතාගේ සිරුර අතගා බැලූ අන්ධයා පැවසුවේ අලියා බිත්තියක් වගේය කියාය. තවත් අන්ධයෙන් ඇතාගේ වලිගය බදාගෙන කීවේ අලියා ලනුවක් වගේය කියාය. ඇතාගේ දළ අල්ලා ගත් අන්ධයා පැවසුවේ අලියා කෙසෙල් බඩයක් මෙන් මටසිලිටු සතෙක් වන බවය. අන්දයෝ ඇතාව විග්‍රහ කරපු හැටි ඔහොම තමයි.

    • Sena says:

      හරියටම හරි.තොපේ සජබයියො කොරෝනා ලංකාවෙ තත්ත්වෙ විතරක් බලල කරන්නෙත් ඔය වගේම වැඩක් තමා. ෆේල් කතාවත් ඕකට දෙවනි නෑ.

      • sena says:

        එකම නමින් comment කරන පුද්ගලයො ගැනත් සොයාබලන්න හමුදාපතිතුමනි මගෙ sena නමින් තවත් පුද්ගලයෙක් comment කරනවා වැරදි අර්ථකතන එන්න පුලුවන් එනිසා සොයාබලන්න

Main News