කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වෙන්න බෑ කියා විරෝධයේ.. රජයෙන් නිවේදනයක්..

October 7, 2020 at 10:00 am | lanka C news
කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වෙන්න බෑ කියා විරෝධයේ.. රජයෙන් නිවේදනයක්..

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත යයි සැක සහිත අය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන යාමට නිවෙස් අසලට ගිලන්රථ යොමු කළ ද ඔවුන් ඒ වෙත යෑම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

“ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි.

එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත.

නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි.”

 

107,287 views

30 Comments to “කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වෙන්න බෑ කියා විරෝධයේ.. රජයෙන් නිවේදනයක්..”

  1. madu says:

    ඕකුන්ට දඩුවම් දීලා වැඩක් නෑ.වෙඩි තියලා දණ්ඩ ඕනි.හැදුන එකාගෙන් නතර වෙන දෙයක් නෙවේනේ මේක.

  2. sathsara says:

    hospital admit wenna bari un marila pala

  3. Swazilante King says:

    Sirisenayai Nandasenayai 2kama ekai. Sirisenayai he a ekatama Internet block kola.mu curfew Danawa.

    • sajiputha says:

      ගොන් බූරු කින්. නොදකින් තොට මොලේ කලඳක් තිබ්බනම් ඔවැනි කතා කියන්නේ නැහැ. තොටත් තොගේ පවුලේ සියලු දෙනාටම කොරෝනා හැදිලා මැරියන්. ලංකාවේ අනික් අහිංසක ජනතාව බේරාගන්න ඕන නිසා තමයි ගොනෝ ඇඳිරි නීතිය දමල පැතිරෙන එක නවත්තන්නේ.
      මට හිතෙන හැටියට තෝ සමගි ජන බලවේගයේ හෝ 3% එකෙක්. තෝ වගේ කාලකන්නි මැරෙන එකම තමා රටට සෙත.

  4. sunimal says:

    හැබැයි තැබරුම්වල පෝලිමේ ඉන්න පුලුවන් ලැජ්ජයි.

  5. Love nature says:

    කරුණාකර තැබෑරුම් වසා දමන්න

  6. shameera Mahawattage says:

    The Doctors practicing Indigenous medicine are not given chance to treat patients. I think they can heal this. But why imprisoning people in Hospitals. They may go to the incinerator in the cemetery. This system is inhumane. They should be given the chance to get whatever the medicine they want under quarantine.

Main News