කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..

December 22, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..

කොරෝනා ආසාදිතයන් බස්නාහිර පළාත තුල වාර්තා වීමේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීමත් සමග රටේ තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීම නිසා මේ වන විට ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇතැයි සැක පහළ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුතගේ මහතා පෙන්වා දෙන්නේ ගිය සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටව යාම වැඩි විය හැකි බවයි.

ඉදිරි සති දෙක කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ඉතා අවදානම් සහගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම දෙසතිය නිසි පරිදි කළමණාකරණය නොකර ගත්තොත් තත්වය දරුණු අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.

34,912 views

14 Comments to “කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..”

  1. Kosi 84 says:

    Either can put night curfew just put 2 weeks curfew so ppl will stay home. Having all the powers on earth but still not using it? Disappointed. Things gonna get worse the more it spread

    • Dulip says:

      You stay home. You are a nobody to say other people should also stay home. Get lost and stay lost.

  2. අජිත් says:

    කිසිම දෙයක් ඔප්පු නොකර සැකේට ජනතාව පීඩාවට පත් කොරනවට මුන්ට හෙනම ගහපිය

  3. බිල්ල says:

    බයවෙන්න එපා, ඔය බස්නාහිරෙන් පනින අය රටපුරා ඉන්න හෙලවෙදුන් හොයාගෙන ගිහින් කොරෝනා වලට ප්‍රතිකාර ගන්නවා. ඔවුන් ආපහු එන්නේ සුවවෙලා. ඔහෙලට කරන්න දෙයක් නැහැ, බලන් ඉන්නවා ඇරෙන්න. අමතක කරන්න එපා දැන් බලයේ ඉන්නේ ප්‍රංශ, බ්‍රිතාන්‍ය විදේශ ඇමතිලා රට වටේ ඇවිද්දලා ඇඹිලිපිටියේ ගහක් යටට ගෙන්න ගත්තු නියම ශුර අගමැති කෙනෙක් විත්තිය. නත්තල් ඉවරවෙනකොට බටහිර වෙදකමේ රැස්වළල්ල නිවිලා තියේවි. බටහිර ඖෂධ කොම්පැනිවල සේල්ස් රෙප්ලාවන ඔහෙලට වෙන්නේ ටයි පටියෙන් ගෙල වැළලා ගන්නයි බේත් කොම්පැනිකාරයන් සමගම.

  4. ලාල් says:

    ජනතාව චන්දය දීලා ජනාධිපති කෙනෙක් පත් කොරේ දොස්තර වරුන්ට රට පාළනය කොරන්න නෙමෙයී. දැන් පේන විදියට රට පාලනය කොරන්නේ දොස්තර වරුනුයී පී එච් අයි කියන උනුයී. මුන් පිට රට කොන්තරාත්තුවකට බොරු කියා කියා ජනතාව බය කොරලා උන්ට උවමනා උවමනා දේවල් කොරගන්නවා ජනාධිපති කලින් හිටපු හිටන්ට එහා පඹයෙක් වගේ ඔහේ බලන් ඉන්නවා.

    • සමන්ත says:

      ඔබතුමා නොදන්නවා ඇති දැන් තියෙන්නේ නිරෝධන නීතිය. මෙම නිතිය ක්‍රියාත්මක වන කාලය පුරාම නිසි බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බව. ඉකිං දොස්තරලාට සහ එම අංශයේ අයට ඕන විදිහට තමයි පාලනය කරන්න වෙන්නේ

      • ලාල් says:

        බටහිර අවුෂද නිෂ්පාදන කොම්පැනි වලින් ජරාව අරින් ජනතාවට අහිතකර බෙහෙත් පවා ගන්න බලකරන උන්ගේ නියෝජිතයන්ට රට පාලනය කොරන්න දීල බලන් ඉන්නවනං අපරාදේ ජනාධිපති කෙනෙක් පත්කොර ගත්තේ.

    • Wililejja says:

      තමුසෙ මේ ලෝකෙට ආවෙ දොස්තරලා නැති ගහක් යට ඉඳලද ? PHI ල කරන සේවය නොවන්නට උම්බත් මාත් මෙලහකට කොවිඩ් හැදිල මියැදී ! ගුණමකු බූරුව !!

      • ලාල් says:

        බොලයී ආච්චිගෙන් අහපිය එයා එපදුනේ ඉස්පිරිතාලේකද නැත්තන් ගෙදරද කියලා මෝඩයා. ලෝකේ දියුණු රටවල් වල ලමයී ඉපදෙන්නේ ගෙවල් වල වින්දබු අම්මා ඇවිල්ලා. ලංකාවේ වගේ සීසර් කොරලා නෙමෙයී. ලෝක සවුක්‍ය සංවිධානයේ දත්ත අනුව පී එච් යී ලයී දොස්තරලයී හිටියත් නැතත් කොරෝනා වැළඳුන අයගෙන් මැරෙන්නේ 3% අඩු ප්‍රමාණයක් මෝඩයෝ.

  5. රන්වල says:

    අපි මොකටද බොරුවට බය වෙන්නෙ අපිට තියෙනව පැණි

  6. Gamunu says:

    Anne Buruwo thota MBBS degree eka dunne mona UNIVERSITY EKENDA.

  7. Thiva says:

    මාර්තු, අප්‍රේල් , මැයි මාසවල අනේක කැපකිරීම් කරලා, ව්‍යාපාර බංකොලොත් කරගෙන, රැකියා නැතිකරගෙන මිනිස්සු කරපු ඔක්කොම කැපකිරීම් වතුරෙ ගහගෙන ගියා වගේ දෙයක් උනේ මේ මොලේ නැති, හ්හරි වෙලාවට හරි තීරණ ගන්න බැරි අදූරදර්ශි පාලකයො නිසා

  8. MD says:

    කාටවත් දොස් කියන්න ඵපා.බලන්න තමන් අවංකවම රටට හිතවත්ව වැඩ කරන කෙනෙක් ද කියලා.ආණ්ඩුවට සෞඛ්‍ය අංශ වලට දොස් කියන්න ඵපා.බූරුවන් ගොන්නු වගේ මෙච්චර විද්යුත් මාධ්‍ය පත්තර හැම දෙයක්ම පැයෙන් පැයට කියන දේවල් බලන්නේ අහන්නෙම නැද්ද.පව්කාරයෙක් විධියට මරණය තමන්ම ලගා කරගන්න ඵපා.

Main News