කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. ඉන් 03 දෙනෙක් මිය ගොස් ඇත්තේ නිවසේදීමයි.. දැන් 29යි..

November 5, 2020 at 7:38 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. ඉන් 03 දෙනෙක් මිය ගොස් ඇත්තේ නිවසේදීමයි.. දැන් 29යි..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද දිනයේ පුද්ගලයන් පස් දෙනකු මරණයට පත් වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 29 තෙක් ඉහල යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත්තේ මෙසේය.

කොලඹ 02 පදිංචි කරුවෙකු වූ 46 හැවිරිදි පුද්ගලයෙකු පිඹුර රෝහලේ දී මිය ගොස් ඇත. ඔහු දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් පෙළුන පුද්ගලයෙකි.

68 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඇයද කොරෝනා ආසාදිත කාන්තාවකි.

කොළඹ 12 පදිංචි 58 හැවිරිදි කාන්තාවක් තම නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත වූ බවයි. මරණයට ආසන්න හේතුව ලෙස වාර්තා කර ඇත්තේ කොරෝනා ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයකි.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 වියැති කාන්තාවක් ද තම නිවසේදීම මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යයි හෙලිවී තිබේ. මරණයට ආසන්න හේතුව කොරෝනා ආසාදනයෙන් සිදු වූ පෙනහළු ආසාදනයකි.

74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ 15 ප්‍රදේශයේ තම නිවසේදී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. මරණයට ආසන්න හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයකි.

52,301 views

14 Comments to “කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. ඉන් 03 දෙනෙක් මිය ගොස් ඇත්තේ නිවසේදීමයි.. දැන් 29යි..”

  1. Bijja says:

    Danwath rata arina eka kal danna mole paadewaaa !
    Hamba karanna nam jeewath wela inna one

    • Darshana says:

      මේක වයිරස් රෝගයක් බෙහෙත් නෑ බෙහෙත් කරන්නේ මේ නිසා හැදෙන නිව්මොනියාවට මිසක් ලෙඩේට නෙවෙයි වයිරස් රෝග වලට බෙහෙත් නෑ .හෙම්බිරිසාවට බෙහෙත් නැතිබව හැමෝම දන්නවා ඉතින් මේ ලෙඩෙත් හෙම්බිරිස්සාවක් මරණිය හෙම්බිරිස්සාවක් ඒවගේම මේ විෂබීජය විවිද ආකාරයට තම සකසුම වෙනස්කරන නිසා හැම විෂබිජයකටම පොදු බෙහෙතක් හදන්න ඉතාම අමාරුයි .එනිසා රටක් වහලා මේ රෝගය ඉවරයක් කරන්න බෑ එහෙම වහනවන්ම් ලෝකයේම මේ රෝගය සුව වෙනකම් රට වහන්න වෙනවා ඒවගේම පිටරටින් එන විවිද බඩු නවත්වන්න වෙනවා

      • Wijebahu says:

        Spot on . Good reading for paniyas and other quack doctor believers. If it was so easy, developed countries already have found a cure with facilities they have.

      • Hi says:

        ඔය කියන්නේ ඇමෙරිකන් විදිය වෙන්නැති. ඒකට අනුව වයසක හා දුප්පත් අය මැරෙන එක හොදයි.
        මෙහෙටත් හොදයි.සමෘද්ධි දෙන එකත් අඩුවෙයි.
        හැබැයි තම රටවැසියන් ගැන කරුණාවෙන් වැඩ කරන රටවලුත් තියෙනවා.හරියට Australia/New Zealand වගේ.
        රට ඇරලා කොරෝනා එක්ක ජීවත් වෙමු.මොකද අපේ රටේ ඉතා දියුණු පොදු ප්‍රවාහන සේවාවක් තියෙනවානේ.2m නෙවි 5m දුරින් යන්න පුලුවන්!!
        අනික අපේ රටේ හැම දෙනාටම පුද්ගලික වාහන තියෙනවා වැඩට යන්න!!

    • ඉන්දිකා හේවාගම says:

      සම්පූර්ණයෙන් එකඟයි. නමුත් අපි කලින්ම අමුඩේ ගහලා වැඩේ වරද්දා ගත්තා. කොරෝනා වල දැඩි සමාජ ව්‍යාප්තියක් නොමැති අවස්ථාවක මුළු රටට ම ඇඳිරි නීතිය දාලා මාස ගණනක් වහන් ඉඳලා නිකරුනේ ආර්ථිකය කඩන් වැටුණා. එවැනි තත්වයක කොට්ඨාශ වශයෙන් ලොක් කරලා වැඩේ ගොඩ දාගෙන ආර්ථිකයත් බේරා ගන්න තිබ්බා. නමුත් ඔක්කොටොම වඩා බය උනේ කොරෝනා වලට වඩා ඡන්දෙ කරගන්න බැරිවෙයි කියලා. නමුත් දැන් තත්වය වෙනස්. එන්න එන්න ණය බර එක පිට එක. ණය ගෙවන්න වත් ණය ගන්න බැහැ. ආයේ රටම ලොක් කරොත් ලංකාව ණය ගෙවා ගන්න බැරි කොටසට වැටෙනවා. එක නිසා ලෝක බැංකු උපදෙස් මත ගෙදර නෙමේ පාරේ මලත් දවසට දහයක් නෙමේ දාහක් මලත් රට අරින්නම වෙලා. කවුරු අකමැති කැමති උනත් ඇත්ත ඒකයි. දැන් ඉතින් ඔක්කොම බලයත් දීලා විස්සත් දීලා තියන එකේ බලමුකෝ කට්ටිය කොහොමද මේක කරන්නේ කියලා. ජනතා ව හැටියට ඉසයරහට කොරෝනා එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න එක ඇරෙන්න වෙන විසදුමක් නැහැ. මේක කලින්ම කරානම් මේ තරම්ම ආර්ථික හනියක නොවෙන්න තිබ්බා. කොහොමත් අනිත් රත්වල් වගේ මේ ලෙඩේ හැදිලා මැරෙන කෙනා මැරෙනවා. අනිත් රත්වල වගේ නෙමේ ලංකාවේ මරණ ඉතා අඩු මට්ටමක තියනවා කියපු වේදිකාවේ සුරංගනා කතා ඕකොම කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල තමා.

  2. Covid18+ says:

    පෙර මග නිමිති සුභයි. කොළඹ සතියක් විවෘත කරලා අයෙත් වහමු. අපිට ඉක්මනටම අනික් රටවල් පරදන්න පුළුවන් වෙයි.

    • Darshana says:

      සතුටේ බැරුවා නේද මචන්? .අනේ තොපි වගේ කාලකන්නි බල්ලෝ .හැම දේම දේශපාලන ඇසින් බලන්නේ හැබැයි තොගේ ගෙදර කාට හරි හැදුනු දාට තමයි තොට ඔය කාලකන්නි සතුට වමාරන්න වෙන්නේ .
      මේ හබ්බ UNP හැත්තෑ තමයි මේ රෝගය රට වටා අරගෙන යන්නේ .මේකේ එක කොනක අර වැඩබැරි දාසයා ඉන්නවා

  3. Max says:

    Ape wayasaka minissi beraganna oni api. Salli ona nisa rata lockdown nokara api den, 2500 proud history ekak thiyena jara jathiyak wela.

  4. lanka says:

    palamu rallen rata vivurtha kalata pasuwa wasangatha roga dosthara mahatha puna puna kiwwa janathawata sakya neethi pilipadinna kiyala.. kisi kenek ganan gatte na. visheshayen bas wala kochchiwala yana aya welendo ehema. ath sodanna wathura nathuwa giya saban nathuwa giya.. bas kochchiwala minissu uthuranna gatta.. mukawadam dagena saukya purudu athiwa 10% k wath hitiye na. rata arinna hoda na thawa masa thunakata !

  5. Saman says:

    වැඩ කරන අපේ විරුවා… ඕයේ…:-D

    • Wijebahu says:

      Mr world number 2. Now what position? This is why Forbes put them to number 92 beforehand. they knew dodgy past of rulers.

    • RED BULL says:

      උඹ උම්බෑ කියන හරකෙක් නේද​?

  6. nuwan says:

    බෙහෙත් ලෝකේ තාම හොයාගෙන නැහැ කියා කියා රටේ මිනිස්සු දැන දැන මැරෙන්න ඇරීමට වඩා මේ වෙලාවේ MEGA සංවර්ධන වැඩ පසුවට කල් දාලා මුදල් දේශපාලන අරමුණු හා නාස්ත්තිකාර වියදං වෙනුවෙන් වැය කිරීම නවතා ගම්මට්ටමින් එදිනෙදා පරිබෝජන අවශ්‍යතාවන් වලින් ස්වියංපොෂිත වීමේ කඩිනම් වැඩපිලිවලකට යායුතු වෙනවා .

    20 සම්මත කරගැනීමට රට ඇරගෙන හිටියේ කොහොම හරි බැසිල් පාර්ලිමේන්තුවට ගෙන්න නම් එක පුද්ගලයෙක් නිසා රට ඇරගෙන ඉඳීමේ විපාකය ජිවිත ගණනාවක් විනාශ වීම කියලා උනත් කියන්න පුළුවන්

  7. banda says:

    ‍කොරෝනා වලින් මෙන්න මේවගේ කාලකණ්නි මේ රටෙන් තුරන් වෙලා යනවනම් ඒක තමයි කොරෝනා වලින් කරන ලොකුම උපාරය. පාහර හැත්ත

Main News