කොරෝනා ආසාදිතයන් 06ක් පලා යයි.. ප‍්‍රවේශම් වන්නැයි ජනතාවට දන්වයි..

July 19, 2021 at 8:40 am | lanka C news

යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි ප්‍රදේශයේ කොවීඩ් 19 වෛරසිය වැළඳුනු ව්‍යාපාරිකයින් 06 දෙනෙකු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට යාපනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අදාල ව්‍යාපාරිකයින් පී.සී.ආර් පරික්ෂණ යාපනය විශ්වවිදයාල රසායනාගාරයේදී සිදුකිරීමේදී ඔවුන්ට වෛරසිය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඒ පිළිබඳව අදාල ව්‍යාපාරකයින්ට දැනුම් දීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් විසින් ව්‍යාපාරික ස්ථාන වෙතට ගියද ව්‍යාපාරිකයින් සිට නොමැත.

කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාල ව්‍යාපාරිකයින් සැඟව සිටින බවටත් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසටද සෞක්‍ය නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දෙනු ලැබීය.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අම්පාර සහ කල්මුනේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවටද සෞඛ්‍ය නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති හෙයින් අදාල පරිස් සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය සෞඛ්‍ය නිලදාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,123 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් 06ක් පලා යයි.. ප‍්‍රවේශම් වන්නැයි ජනතාවට දන්වයි..”

  1. Deelaka Fer says:

    සක්කිලි දෙමල්ලුන්ගෙන් මීට වඩා දෙයක් සමාජයට බලාපොරොත්තු වෙන්න බැහැ….. ප්‍රභාකරන්ගෙ කාලේ ඉදලම ඕකුන් රටට වින කරන සක්කිලි ජාතියක්‌……

  2. නිකමා says:

    කොරෝනා වියාප්ති අසප්පුරුසයෝ .

  3. karu says:

    Demala aya witharak nevi boho aya hesirenna aanduwath ekk tharahata wage. Mooda harak danne ne aanduwa kochcharak nam munta eka hedena eka walakwanna katayuthu karanawada kilyala.

Main News