කොරෝනා ආසාදිතයා රෝහලින් පැන පයින්ම බේරුවලට ගිහින්..

May 18, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා ආසාදිතයා රෝහලින් පැන පයින්ම බේරුවලට ගිහින්..

බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිත යාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .ඩි. ට්. නයනජිත් මහතා අද (18)පැවසීය .

මෙම ආසාදිත තරුණයා බේරුවල නගර සභා ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහත කළ කළ පි.සි.අර්.පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ආසාදිතයා රෝහලෙන් පැන එතැන් සිට පාගමනින් ගාලු පාර පාර ඔස්සේ බේරුවල නිවසට පැමිණෙමින් සිටියදී බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බේරුවල පොලිසියේ සහයෝගයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර ආසාදිතයා උපක්‍රමශීලීව අල්ලාගෙන නැවත කළුතර නාගොඩ රෝහලේ එම ප්‍රතිකාර වාට්ටුවට යොමු කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය .

මෙලෙස රෝහලෙන් පැනවිත් තිබෙන ආසාදිත තරුණයා කිසියම් මානසික ආබාධයකින් ද පෙළෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

19,100 views

3 Comments to “කොරෝනා ආසාදිතයා රෝහලින් පැන පයින්ම බේරුවලට ගිහින්..”

  1. ක්‍රිමිනල් says:

    රජයේ රෝහලෙන් දෙන සායනික පරීක්ශණ සමත් බෙහෙත් පෙත්තක් බීලා හොද කර ගත්ත නම් ඉවරයිනේ.

    රෝහලෙන් පැනල ගියා කියන්නේ, මූට මොකක් හරි අවුලක් තියෙන්නම ඕනේ.

    ඉතාලියේ ලක්ශ ගණන් මැරුනේ, ඔහොම පැනල ගිහින් සායනික පරීක්ශණ අසමත් හෙල ඔසු බීපු උන්.

  2. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආයේ කතා දෙක් නෑ ජෙප්පෙක්. අර මෙතන වැලපෙන බත්බැලයාද දන්නේ නෑ, ඌට පුදුම පුකේ අමාරැවක්නේ තියෙන්නේ අපේ රටට කෙලවන්ඩ

  3. dot says:

    Seems to be a strong person , to be able to walk all that way .For we hear so much of the effects of the virus on the human body , fatigue , body aches , coughs. breathlessness and finally pneumonia ..and this guy just was strong ..Must be a healthy person ..makes me wonder !

Main News