කොරෝනා ආසාදිතයෙක් අතුරුදහන්… පොලිසිය ලුහුබදී..

January 9, 2021 at 12:00 pm | lanka C news

වව්නියාව නගරයේ බසාර් වීදියේ වෙළෙඳසැල්හි සිටි කොරෝණා ආසාදිත 55 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට අතුරුදහන් වී ඇති බවටත් අදාල ආසාදිතයා සොයා පරික්ෂණයක් අරඹා ඇති බවට වව්නියවා සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

මේ අතර වව්නියාව නගරයේ හුදකලා කරන ලද බසාර් වීදිය ඇතුලු අනෙක් මාර් ගයන්හි සිටින වෙළෙඳැසල් හිමියන් සහ සේවකයින් අද (09) දිනය පුරා පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව පොලීසිය පවසයි.

මේ වන විට වව්නියාව බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාකට් වීදිය, මාලු සහ සතොස වටරවුම් පාර හුදකලා කොට ඇති අතර එම මාර්ගයන්හි ආරක්ෂාව තරකොට ඇත.

හුදකලා කරන ලද මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි කොරෝණා ආසාදිත හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනාගෙන් එක් අයෙකු සෞඛ්‍ය නිලධාරීන් වෙතට ලබා දී තිබූ තොරතුරු අසත්‍ය බැවින් අදාල ආසාදිතයා මේ වන විට සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එම ආසාදිතයා සොයා පුලුල් පරික්ෂණයක් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් දියත් කොට ඇත.

4,115 views

2 Comments to “කොරෝනා ආසාදිතයෙක් අතුරුදහන්… පොලිසිය ලුහුබදී..”

  1. King says:

    සේවකයන් එලවා දමා කොටස් මංකොල්ල කන Lanka transformers හොර නඩය අත් අඩංගුවට නොගන්නේ p b jayasundara නිසාද

  2. ගංගා says:

    එක ආසාදිතයෙක් හිටියත් විශාල වශයෙන් ධනය ශ්‍රමය කාලය වැයකරමින් හමුදාව, පොලීසිය , සෞඛ්‍ය අංශ ක්‍රියාකරද්දී සමහර ආයතන වල ප්‍රධානින් ආයතන ආශ්‍රිතව කොරෝනා ආශ්‍රිතයන් වාර්තා වූ විට පැතිරීම වැලැක්වීමට පියවර නොගැනීම ගැන බුද්ධි අංශ විමසිලිමත් විය යුතුයි. ඈතක නොවේ ටොරින්ටන් පැත්ත බලන්න

Main News