කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

May 4, 2020 at 7:59 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

කොරෝනා ආසාදිත තැනැත්තියක හෝමාගම රෝහලේදී මරණයට පත්ව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කලේය.

මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වූ වයස අවුරුදු 72ක් වු කාන්තාවකි.

ඇය වකුගඩු ආබාදයකින්ද පෙලී ඇති බව සදහන්ය.

එම දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව කොටිකාවත්ත සුසාන භූමියේදී සිදු කරනු ලැබීය.

157 views

10 Comments to “කොරෝනා ආසාදිතයෙක් මිය යයි..”

  1. Saradiel says:

    නිවන්සැප ලැබේවා

    • silly doctor says:

      මෙහෙ ඉංග්‍රීසි ඩොකාල කැද දෙනව කියල කියන්නත් ලැජ්ජයි. බටහිරින් බේතක් එනකං නියෝගන ඉන්නව කියවන්න. දැන් මැඩ ස්කරෙන් හර්බල් බේතක් හදල කොරෝනා හැදෙන එක අඩු කරන්නයි හැදුන අයට දෙන්නයි. අප්‍රිකාවෙම රටවල් ඒක ඉල්ලල. ලෝකෙම අවධානය යොමු වෙලා. බටහිරට වෙන විකල්ප නෑ අපිට තියෙන දේශීය වෙදකමට ඉඩ දෙන්නෙ නෑ බටහිරින්ම එනකං බලං ඉන්න කිසිම එන්නතක් හදනව තියා පරීක්ෂනයක්වත් කරගන්න බැරි මයික් එකක් දැක්කහම කියවන්න තමයි මේ අය දන්නෙ. දැන්වත් දේශීය වෙදකමට තැනක් දෙන්න ඔබලා ඉංග්‍රීසි ක්‍රමයට පරීක්ෂණ කරල බේතක් හොයාගන්න. මේ ජීවිත දේශීය වෙදකමෙන් බේරගන්න තිබුණ වෙන්නත් පුළුවන්.

      මැඩගස්කර් ශාකමය පානය ගැන තිබූ youtube වාර්තාවක්. https://youtu.be/crkjN0E283c

      • Sweden says:

        When u get Corona drink this concoktion and stay at home. Nobody Will bother you.

      • Memopad says:

        You are perfectly correct and right. Someone or somebody or a powerful useless force, not allowing Local medicine to use and practice. Let the chief Executive of the country, aware of this. If so, we all fortunate.

    • Samantha badra himi says:

      Nivan sepa lebeva kiuvata ehema lebenavada eka eka kiyana paliyata? Nikan buuru katha kiyavanna epa gonek vage.eka eka kiuva kiyala nivan sepa lebenne na thaman uthsahayen weerya vadala nivan avanoda karaganna oni.nikan vihilu sapayanna epa halo

  2. Chan says:

    වයස 72 ක වකුගඩු අබදයක් තිබු මවක් . වයසට මියයාම් ස්වාබහවිකයි . නිවන් සුව පතමි

  3. Podda says:

    නිවන්සැප ලැබේවා…….!!!

  4. හෙළ ගවේෂක says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි.. එවන් ජාතියක අයෙක් මිය යාම කණගා‍ටු වීමට තරම් දෙයක් නොවේ.

    1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ හෙළ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම හෙළ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු හෙළ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

    “කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

    ඇමරිකාවේ නාසා ආයතනය විසින් සිදුකරන හබල් දුරේක්ෂය සාදා ඇත්තේද හෙළයින්ගේ තාක්ෂණය අනුසාරයෙන් ය. “හබල්” යන වචනයෙන්ම කියවෙන්නේ අහසේ ඇති චක්‍රාවාට හබල් ගා ඒ අතර ගමන් කිරීමේ සෙප්පඩවිජ්ජා තාක්ෂණය පිළිබඳවය.

    ඒරියා 51 හි ඇති න්‍යෂ්ඨික අවි සාදා ඇත්තේද රාවණා රජතුමාගේ යබර නැමති පරමානු බෝම්බ තාක්ෂණය යොදා ගනිමිනි. ඇරිසෝනා හි කරන ලද පුරාවිද්‍යා කැනීමකදී ඔප්පු වූයේ ග්‍රෑන්ඩ් කැන්යොන් එක ඇති වූයේ න්‍යෂ්ඨික පිපිරීමක් නිසා බවයි. එහි පස් රතු වර්ණ වී ඇත්තේ එලෙසය. රතුපස්වල කරන ලද පුරාවිද්‍යා කැනීමකදී හමු වු මැටි පුවරු වල හෙළයින් විසින් ඇරිසෝනා වලට න්‍යෂ්ඨික බෝම්බ දමා ඇති බව සනාථ විය.

    • Akalanka says:

      Any credible evidences or sources of those evidences please. Would be good to share with the readers.

      • Independent Buwa says:

        Where did the Hubble get its name from? Hubble was named in honor of the great American astronomer, Edwin P. Hubble. … He also discovered that the universe is expanding and derived “Hubble’s Law” which describes how rapidly it is expanding.

        Hope you got the answer

Main News