කොරෝනා ආසාදිතයෙක් රත්නපුර මහ රෝහලේ..?

January 30, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙක් රත්නපුර මහ රෝහලේ..?

කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සහිත පුද්ගලයෙකු රත්නපුර මහ රෝහලට ඇතුළු කර තිබේ.

රෝහලේ වෛද්‍යවරයෙකු ප‍්‍රකාශ කලේ මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකුගේ සියළු ලක්‍ෂණ පෙන්වන බවත් ඔහු මේ වන විට සියළු රෝගීන්ගෙන් වෙන්ව ස්ථානයක රදවා ප‍්‍රතිකාර කරන බවයි.

කොරෝනා වෛරසය අසාදිත දැයි දැන ගැනීම සදහා ඔහුගේ ජීව සාම්පල මේ වන විට කොළඹට යොමු කර ඇති බවත් ඔහු සදහන් කලේය.

අදාල පුද්ගලයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස රැුකියාව කරන ඇහැලියගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.

රෝගියාට ප‍්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට ආරක්‍ෂිත ඇදුම් නොමැතිවීම බරපතල ගැටළුවක් යයිද වෛද්‍යවරයා තව දුරටත් පැවසීය.

මේ අතර කොරෝනා ආසාදිත යයි සැකපිට කුරුණෑගල මහ රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී නැති බව රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

129 views

3 Comments to “කොරෝනා ආසාදිතයෙක් රත්නපුර මහ රෝහලේ..?”

  1. Mahesh says:

    මම නම් කියන්නේ කිසිම සෞඛ්‍ය සේවකයෙක් (හෝ අවදානමක් තියෙන කවුරුන් හෝ) නිසි ආරක්ෂක ක්‍රමවේද හා පහසුකම් නැතිව ඔය වගේ ලෙඩ්ඩුන් අතර ගැවසෙන එක කරන්න එපා කියන එක. කවුරුත් රස්සාවල් කරන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නේ රස්සාවල් කරන්න නෙවෙයි. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනාම විඳවන්නේ ඒ මිනිස්සුයි පවුල් වල අයයි මිසක් ඔය එක එක පොර ටෝක් දෙන බුකී වීරයෝ එකෙක් වත් උදව්වට එන්නේ නැහැ. අනික විශේෂයෙන්ම රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සුන්ව තෝරලා අරගෙන ලොකු මුදලක් රජයෙනිත් වැය කරලා අවුරුදු ගණනක් පුහුණු කරලා වෛද්‍යවරුන් හෙදියන් වගේ සෞඛ්‍ය සේවකයන් බිහි කරන්නේ අර හමුදාවේ බිලි බෝයිස්ලා වගේ මැරුණත් කමක් නැහැ කියලා කිසිම ආරක්ෂාවක් නැතිව ලෙඩ්ඩු ළඟට යවන්න නෙවෙයි. ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න නම් ඒ මිනිස්සු බේරිලා ඉන්න එක අතිශයින්ම වැදගත්. එහෙම නැතිව ඒ මිනිස්සු ටික ලෙඩ වෙලා මැරිලා ගියොත් ඉතිරි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ ඔය බුකියේ කක්කා පැත්ත ඉරා ගෙන පොර ටෝක් දෙන කාලකණ්ණින්ගේ මහ එකාලා ඇවිල්ලාද?

    • Araliya says:

      Ob hri. Ovun rogiyakuta upasthana kalada, nevtha thama nivasata peinivita thama pawulata Bo vevi yayi biyen pasuviya yuthu noveda?

  2. Alapaluwa says:

    මමත් ඔබගේ මතයේමයි සිටින්නේ තුවාලයක වේදනාව දැනෙන්නේ ඒ තුවාලය තිබෙන මිනිසා මිස ඔවු දෙස බලන මිනිසාට නොවේ!!

Main News