කොරෝනා ආසාදිතයෙක් සුව වී ගෙදර යද්දී මිය යයි..

November 10, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙක් සුව වී ගෙදර යද්දී මිය යයි..

කොරෝනා වෛරසය ආසාදන වී සුවය ලැබීමෙන් පසු නිවසට යාම සඳහා සූදානම් වෙමින් සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් වැළදී මියගොස් තිබේ.

හම්බන්තොට කොරෝනා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ කැලණිය හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පසුගිය 01 වැනිදා ඔහු ආසාදිතයෙක් වූ බව හඳුනාගැනීමෙන් පසු හම්බන්තොට කොරෝනා රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු ප්‍රතිකාර ලැබීමෙන් පසුව අද දිනයේ නිවසට යාමට සූදානමින් සිටියදී පපුවේ අමාරුවක් හේතුවෙන් ආපසු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.

මෙම පුද්ගලයාට හෘදයාබාධයක් කලින්ද වැළඳී තිබූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

40,097 views

4 Comments to “කොරෝනා ආසාදිතයෙක් සුව වී ගෙදර යද්දී මිය යයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    තිබ්බ ඇඳිරිනීතිය මුලින්ම දැම්මා නම් පහුගිය දවස්වල මියගිය සියළුම දෙනා ජීවතුන් අතර… තිත්ත ඇත්ත ඒකයි !

  2. saman says:

    දවසට 500 600 සුවවෙනකොට මටනම් කලින්ම ඕක හිතුණා…

  3. වර්ජිනියා මලයා says:

    මේ සෙල්ලම ඇමරිකාවෙත් ඉන් දියාවෙත් පෙබරවාරි-මාර්තු වෙලා තියෙනවා, රෝගයේ භයානක බව හෑල්ලුවෙන විධියට තමයි ප්‍රචාරය​… එහේ මිනිස්සුත් වැඩිය ගනන් ගත්තේනෑ… මාස කීපයක් යනකොට මරණ ලක්‍ෂය පැන්නා…. දැං ලොක්ඩවුන් කරලත් පාලනය කරන්න බෑ.

  4. Kalana says:

    බොරුනේ, රෝහල් වල මොකුත් කරන්නේ නැහැ. මිනී මරනවා ආණ්ඩුව.

Main News