කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. මීගමුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..

October 10, 2020 at 10:40 am | lanka C news
කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. මීගමුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මීගමුවේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා තිබේ.

උණ රෝගයක් සදහා ප‍්‍රතිකාර ගැනීමට පැමිණි 56 හැවිරිදි මෙම පුද්ගලයාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු යයි හෙලි වී ඇත.

මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැති බවයි.

අදාල ආසාදිතයා සමග ගැටුණු එම රෝහලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනය ද යොමු කර ඇත.

30,713 views

6 Comments to “කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. මීගමුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..”

  1. වාසනා අක්ෂරි says:

    ඔහොම ඉස්පිරිතාල වහන්න ගියොත්!

    • නාරද says:

      අවුලක් වෙන්නෙ නෑ..බුකි ඔස්තාර් ලා ඉන්නවනේ…ඔන්ලයින් ම වැඩේ ගොඩ දායි.. දොස්තරලා නර්ස්ලා PHI ලට වැඩිය ඒ ගොල්ලො දන්නවා

  2. ලෙහාරා says:

    බලන් ගියාම කොරෝනා නැති තැනක් නෑනෙ
    බ්‍රැන්ඩික්ස් එකට වරද පටවලා ආණ්ඩුව බේරෙන්න හැදුවේ

  3. ක්‍රිමිනල් says:

    රජයට, උම්මා දෙවියට සහ වැ.බ.සෞ.අ.ජ ජොස්තර්ට අනුව තාම සමාජයේ පැතිරීමක් නෑ , තව එකක් එනකං බලාගෙන ඉන්නවා , රටේ සෞඛ්‍ය ගැන තියා ප්‍රජා සෞඛ්‍ය ගැනවත් හරිහමං නොදන්න මුඛරී සෞඛ්‍ය ඇමතිණියට කොවිඩ් විහිළුවක් , අතිං ,පයිං ,කටිං ගහලා කොවිඩ් නවත්තන්න බැරිබව මේ පාණ්ඩුව කවදා තෙරුම් බෙරුම් කර ගනීද මන්දා ;

  4. Nandana says:

    විවාහ උත්සව අවලංගු කරන්න වෙනව මොකද එවාගේදි මිනිස්සු මාස්ක් දාන්නෙ නෑ . විවාහ කියන්නෙ කොරොනා පතුරුවන හොදම අවස්තවක්. දැනට 200 දෙනෙකුට සහභාගී වෙන්න අවස්තාව දීල තියෙනව මාස්ක් දාන්නේ නැතිව 200ක් එකම තැනක ඉදගෙන කාල බීල නටල බදාගෙන wish කරද්දි මොන තරම් අවදනමක් තියෙන්වද කියන එක ඇයි බලධාරින්ට තෙරුම් ගන්න බැරි
    Reply

  5. රාගම එදිරිමුණි says:

    බ්‍රන්දික්ස් තමයි පොකුර නිර්මාණය කාලේ. වග කීවා යුතු සෑම දෙනාටම නිරෝධායන නීතී යටතේ නඩු දමා හිරේ යැවිය යුතුයි.

Main News