කොරෝනා ආසාදිතව මිය ගිය අයගෙන් 31%ක් එන්නත් ලබා ගත් අයයි…

December 4, 2021 at 3:20 am | lanka C news
කොරෝනා ආසාදිතව මිය ගිය අයගෙන් 31%ක් එන්නත් ලබා ගත් අයයි…

මෙතෙක් කොරෝනා ආසාදිත ව මෙරට මිය ගිය පුද්ගලයින් 69%ක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගෙන නොතිබූ අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයන්ගෙන් 31%ක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා ගත් අය බවද හෙතෙම පෙන්වා දෙයි.

කොරෝනා මරණ වලින් 77%ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් බවත් පැවසූ ඔහු වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට මිය ගොස් ඇත්තේ 1.2%ක් බවද පැවසීය.

එමෙන් ම මරණයට පත්වූ සියලු දෙනාගෙන් 81%ක් මොන කිනම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය බවද හෙතෙම තවදුරටත් පැවසීය.

21,340 views

13 Comments to “කොරෝනා ආසාදිතව මිය ගිය අයගෙන් 31%ක් එන්නත් ලබා ගත් අයයි…”

  1. කුඹූක්කණ් says:

    මේ අයිසේ හේමන්ත …

    දැන් උඹලට තේරෙනව නේද ලංකාවෙ මිනිස්සු මෝඩයො නෙවෙයි කියලා.
    උඹට නියැදියක් ගන්න බැරි කම ත් ටොක්කක් ඇනලා පෙන්නලා තියෙනවා.

    උඹලා නිකං ම නිකං ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා , සමාගමේ ස්ක්‍රිප්ට් එක කියවන තෝල්කයො කියලා දැන් මිනිස්සු දන්නවා.

    වැක්සීන් ගහලා රටේ මිනිස්සුන්ට කල අපරාදෙට , රෙද්දක් ඇදං ඉන්න එකෙක් නං ජාතියෙන් සමාව ගනිං දැන්ම්.
    හරිද අයිසෙ..

  2. Chamz says:

    අයිසෙ හේමන්ත තමුසෙට පිස්සු ද? එන්නත් ගත්ත කියල ඕකෙන් බේරෙන්න පුළුවන් නම්. 😁😁 මු වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්

Main News