කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි.. වවුනියාවේ පැත්තක් වසා දමයි..

December 27, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි.. වවුනියාවේ පැත්තක් වසා දමයි..

වව්නියාව පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයේ කාන්තාවක් හදීසියේම ඊයේ (26) රාත්‍රියේ මිය ගොස් ඇති අතර එම කාන්තාවට කොවීඩ් 19 වෛරසිය ආසාදනය වී ඇති බවට අනාවරනය වී ඇතයි වව්නියාව මහජන සෞඛය පරික්ෂක කාර්යාලය පවසයි.

අදාල කාන්තාවට කොවීඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් පසුව ජනඋදා ගම්මානයට සංචරණ සීමා පනවා අද (27) උදෑසන සිට ආශ්‍රිතයින් හඳුනාගමනිමින් පී.සී.ආර් පරික්ෂණයන් සිදු කිරීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.

පෙරියඋළුක්කුලම ජනඋදා ගම්මානයේ පදිංචි අදාල කාන්තාවට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකල පී.සී.ආර් පරික්ෂණයකින් කොවීඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මිය ගිය කාන්තාවට තවත් රෝගී තත්වයන් තිබී ඇති අතර කොවීඩ් වෛරසය හේතුවෙන්ම මිය ගියේද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කෙරේ.

මෙලෙස මිය ගොස් ඇති කාන්තාව ජනඋදා ගම්මානයේ පදිංචි 52 හැවිරිදි එම්.කුසුමලතා වන අතර ඇයගේ අවසන් කටයුතු අද (27) අනුරාධපුර පොදු සුසාණබූමියේදී නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,513 views

One Comment to “කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි.. වවුනියාවේ පැත්තක් වසා දමයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබෙවා.

Main News