කොරෝනා ආසාදිත ගැබිණි මව බිහිකල දරුවා මියයයි.. මියගිය දරුවාටත් කොරෝනා.. මවටත් අසාධ්‍යයි..

June 24, 2021 at 6:48 pm | lanka C news
කොරෝනා ආසාදිත ගැබිණි මව බිහිකල දරුවා මියයයි.. මියගිය දරුවාටත් කොරෝනා.. මවටත් අසාධ්‍යයි..

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ග්‍රේස්වෙස්ටන් වතුයායේ කොවිඩ් ආසාදිත ගැබිනි මවක් බිහිකල දරුවකු මිය ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ග්‍රේස්වෙස්ටන් වතුයායේ කාන්තාවක් ලිදුල ප්‍රාදේශීය රෝහලේදි දරුවකු බිහි කර ඇති බවත් එසේ බිහිකල දරුවා මිය ගොස් ඇති අතර දරුවා බිහි කල  මවට අසධ්‍යව නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගෙන ඇති බවත්ය.

එසේ ගෙන යන ලද මව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු එම මව කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවි ඇති බවත් එම මව බහිකල දරුවාගේ මල සිරුරද පරික්ෂා කිරිමේදි එම දරුවාටද කොවිඩ් ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම කොවිඩ් ආසාදිත මවගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හමුවන ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

32,612 views

4 Comments to “කොරෝනා ආසාදිත ගැබිණි මව බිහිකල දරුවා මියයයි.. මියගිය දරුවාටත් කොරෝනා.. මවටත් අසාධ්‍යයි..”

  1. Ravana parapura says:

    හෙළ ඔසු ලබා නොදීමේ විපාක.

    • Nalin says:

      Labba!

    • රුහුනෙ එකා says:

      තමුසෙ ඉස්සෙල්ල මොලෙ චෙක්කරගන්නව.තමුසෙ හෙල ඔසු ගැන කොමෙන්ට් දානව,තමුසෙ එවබිලා තමුසෙගෙ මොලෙ කචල්වෙලා තියෙන්නෙ.

    • සින්හය says:

      Me manussaya hama welaawema hela osu walin hoqakaranna puluwan kiyala danawa.kiya kiya inne karala pennanawako.barinam pawnodi kata wahagena hitapan

Main News