කොරෝනා ආසාදිත ට‍්‍රම්ප් රෝහල් ගත කෙරේ.. ජනාධිපතිවරණයට මාසයයි..

October 3, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ආසාදිත ට‍්‍රම්ප් රෝහල් ගත කෙරේ.. ජනාධිපතිවරණයට මාසයයි..

කොරෝනා වෛරසය ආසාදිත වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර ලබාගැනීම සඳහා එරට හමුදා රෝහලට ඇතුලත් කර ඇත.

හෙලිකොප්ටරයක් මගින් ධවල මන්දිරයේ සිට රෝහල් ගත කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

74 වැනි වියේ පසුවන ඇමෙරිකා ජනාධිපතිවරයාටත් ඔහුගේ බිරිඳටත් කොරෝනා වෛරසය වැලඳී ඇතැයි ඊයේ දිනයේ පරීක්ෂණවලින් හෙළි විය.

මේ අතර අන්තර්ජාලයට වීඩියෝ පටයක් එක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ඉතා හොඳින් රාජකාරි කටයුතු කරමින් සිටින බවයි.

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ මාසයක කාල සීමාවකි.

17,276 views

3 Comments to “කොරෝනා ආසාදිත ට‍්‍රම්ප් රෝහල් ගත කෙරේ.. ජනාධිපතිවරණයට මාසයයි..”

  1. Donald Isuru Wilegoda says:

    Get well soon sir, wee need a leader like you to lead the USA and the world

    • කොළඹ බයියා says:

      ලංකාවට ගෙන්වාගෙන කොරෝනා සුවකර දීම ගැන රජය සලකා බැලුවොත් අපේ රටේ ම්ස්නුස්සකම ට්‍රම්ප් මහතාට තේරේවී.

  2. John the baptice says:

    දෙවියන්වහන්සේ ගැන දැන් විස්වාසයක් නැතිවේවි.

Main News