කොරෝනා ආසාදිත මෙරට තවත් අයෙක් මිය යයි..

May 25, 2020 at 5:34 pm | lanka C news
කොරෝනා ආසාදිත මෙරට තවත් අයෙක් මිය යයි..

කොරෝනා ආසාදනය වී මෙරට මියගිය දස වන පුද්ගලයා අද දින වාර්තා වෙයි. ‍

ත‍්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි පනස් දෙහැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

ඇය කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධාන සඳහා යොමු කර තිබූ කාන්තාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඇයගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඇය කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

එම කාන්තාව හෘද රෝගයකින්ච පෙලෙන්නියක බව ජාසිංහ මහතා තවදුරටත් පැවසීය.

මෙම කාන්තාව කළුතර පයාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

353 views
Main News