කොරෝනා ආසාදිත සිසුවෙක් පාසැල් ඇවිත්.. දෙමවුපියන් සෙසු සිසුන් පාසැල් නොඑවයි..

November 27, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිත සිසුවෙක් පාසැල් ඇවිත්.. දෙමවුපියන් සෙසු සිසුන් පාසැල් නොඑවයි..

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන වටවල කුයිල්වත්ත දමිල මහා විද්‍යාලයට (27) දින ළමුන් එවිමෙන් වැලකි සිටිමට එම ළමුන්ගේ දෙමව්පියන් කටයුතු කර ඇත.

එම පාසලේ 12 වසරේ අධ්‍යාපනය ලැබු පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති අතර , එම සිසුවා (26) දින තම පාසලට පැමිණ පන්ති කාමරයේ රැදි සිට ඇත.

පසුව විදුහල්පතිවරයා එම සිසුවා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය විමත් සමග එම සිසුවා ආපසු නිවස කරා යොමු කර ඇත.

වටවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු කර ගැනිමෙන් අනතුරුව එම අසාදිත සිසුවා හම්බන්තොට නිරෝදයන මධ්‍යස්ථානය කරා යොමු කර , එම සිසුවාගේ ආශ්‍රිත සිසු සිසුවියන් 19 දෙනෙකු (26) දින පස්වරුවේම ස්වයං නිරෝදනයට යොමු කර ඇත.

වටවල කුයිල්වත්ත දමිල විද්‍යාලය (26) දින පස්වරුවේ විෂබිජහරණයට ලක් කෙරිණ.

කුයිල්වත්ත දමිල විද්‍යාලයේ ළමුන් 406 දෙනෙකු  අධ්‍යාපනය ලබන අතර , අචාර්ය මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත බවයි එම විදුහලේ විදුහල්පති වේලු මුරුගන් මහතා කියා සිටියේ.

ස්වයං නිරේදනයට යොමු කර ඇති එම පාසලේ සිසු සිසුවියන් 19 දෙනා සහ විදුහල්පතිවරයා, අචාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,407 views

4 Comments to “කොරෝනා ආසාදිත සිසුවෙක් පාසැල් ඇවිත්.. දෙමවුපියන් සෙසු සිසුන් පාසැල් නොඑවයි..”

  1. දුමින්දු says:

    මේ රටේ තියෙන්නේ ආණ්ඩුවක්ද……? පාන්ඩුවක්ද……….? එහෙමත් නැතිනම් සවු භාගයක්ද……?

  2. Kevin says:

    ලංකාවේ ගොඩක් තැන් වල මේක වෙලා තියෙනවා. බලධරයිනී, දරුවන්ගේ ජීවිත අනතුරේ. කරුණාකර පාසල් වහන්න.

  3. ක්‍රිමිනල් says:

    අර වගකීම ගන්නවා කියපු කියත් මගේ උන්දැ කොහෙද දන්නෑ !

  4. PRIYANKA says:

    ai adyapana amathayanse lekam wagakim bara gannawa kiwe eyage gedara yawanna lamai tika pissu