කොරෝනා ආසාධිතා ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාද රෝහල් ගත කෙරේ…

March 12, 2020 at 12:02 pm | lanka C news
කොරෝනා ආසාධිතා ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාද රෝහල් ගත කෙරේ…

දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද (12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි.

ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙ.

අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙ.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන අැත.

මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බව වාර්තා විය.

එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී අැත.

කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්ය.

– nethnews

362 views

16 Comments to “කොරෝනා ආසාධිතා ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාද රෝහල් ගත කෙරේ…”

  1. dam soe says:

    Oh God!
    What is happening to SL!!

    • john says:

      dont put stupid weighting to the scene. Same way, flu virus, bacteria for cold etc. spread for 1000s of years and its not only in SL.

    • same as everywhere in the West..
      Western life style..tempting..but consequences..terrifying..

      However, SL is having a better control compared to many so called developed countries, in managing Corona pandemic..

  2. sumith says:

    Find a reasons to close down all message centers in the villages and allow only for foreigners in the hotels, if therapy required for any local below 25 years prohibit without doctor’s prescription, All young poor ladies drag to this by under world gangs, our Sinhala nation will vanish before long , our president can do this

  3. රසික says:

    No need to panic . Only close contacts will get it. ගෙදරට ගිහින් බැලුවට හැදෙන්නේ නැහැ . අත් සෝදන්න , අත් සෝදන්න , අත් සෝදන්න
    නහය කට ඇස් අපිරිසිදු අත් වලින් අල්ලන්න එපා . බොරුවට බයවෙන්න එපා .

  4. ජයතිස්ස says:

    හුටා

  5. 🌵🌴🌳🌿🌱🌲 says:

    ඒ මනුස්සයා සුවපත් වේවා.නමුත් රටට ව්යසනයක් වූ සම්භාහනයට මුවා වී සිදුකරන ගණිකා වුර්තීයට. මේකෙන් හරි නැවතීමේ තිත. වැටෙනවා නම් හොදයි

  6. හැකහැක says:

    අසියාවේ ආශ්චයිර්යය..
    ටුවරිසම් කියන්නේ ඉතිං drugs,sex,spa ඕවා තමා.. දෙයියෝ මුන්ට දඩුවම් දෙන්න පටන් අරගෙන.

    • Aniwa says:

      Nodakin. Massage is not what you think you dirty head. Medical massage is well required in the developed world. There’s no sex involved with it.

      • Sajee Premadasa says:

        ඔව්.5% ක් විතර ඔයා කියන ජාතියේ මසාජ් ඇති.ඉතිරි 95% ගණිකා වුර්තිය තමයි

      • advicer says:

        why not .massage is the initial step and then proceed to sex.as you said there is a therapeutic massages as a part of physiotherapy. but there are alternatives and better treatment modalities for that

  7. 3% says:

    Apooooooo, meya sama sama da

  8. lucky says:

    dont be panic serious conditions 6% dead percentage 1% its a curable sickness drink hot water and hot water with garlic do hot vapor steam

  9. sajith dasa prema says:

    3rd class tourism is drugs, sex, violence,prostitution, stabs,accidents on roads and getting admitted to government hospital. SL tax payer pays for international beggers hospital bill. this is whats happening every day during the so called tourism season in south.
    no high spending elite guests come to SL because of this same 3rd class Hippi tourism culture prevalent in the south

Main News