කොරෝනා ඇමතිනි වහා ඩවුන් යයි.. වලලන කමිටුව පත් කලේ තමන් නොවේ කියයි.. කැබිනට් ප‍්‍රකාශකද නොදනී.. වලලන කමිටුව දෙමවුපියන් නැතිවෙයි….

January 4, 2021 at 9:20 am | lanka C news
කොරෝනා ඇමතිනි වහා ඩවුන් යයි.. වලලන කමිටුව පත් කලේ තමන් නොවේ කියයි.. කැබිනට් ප‍්‍රකාශකද නොදනී.. වලලන කමිටුව දෙමවුපියන් නැතිවෙයි….

කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ඒ බව සදහන් කරමින් එම මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.

රජයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාද මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ එක් කමිටුයකින් නිර්දේශ දී තිබියදී දෙවන කමිටුව පත් කලේ කවුදැයි තමන් නොදන්නා බවයි.

කොවිඩ් මරණ ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීම සදහා රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍යයි.

ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය. එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

61,860 views

31 Comments to “කොරෝනා ඇමතිනි වහා ඩවුන් යයි.. වලලන කමිටුව පත් කලේ තමන් නොවේ කියයි.. කැබිනට් ප‍්‍රකාශකද නොදනී.. වලලන කමිටුව දෙමවුපියන් නැතිවෙයි….”

  1. මාමාණෝ says:

    එයා නෙවෙයි නම් පත් කරලා තියෙන්නේ මොකටද බාර ගන්නේ. පත් කරපු කෙන කෙලින්ම ඉදිරිපත් වෙලා කියන්න. මෙයා හොදට වැඩේ කරනවා. බාර ගත්ත දවසේ ඉදන් කොරොනා රොගීන් අඩුවෙනවා.

  2. කාන්තාර පළඟැටියා says:

    ඒ කමිටුව පත්කලේ මම

  3. මේ වගේ කාලකන්නි බැල්ලියෝ ජනවරමට හිනාවෙවී ආණ්ඩුව අප්‍රසාදයට පත් කරනවා. මතක තියා ගන්න ඕකි 2018 පලාත්පාලන මැතිවරණය සිරා එක්ක දීග කාපු එකියක් බව. ඕකයි කීවේ සිරාට ගෑවිච්ච එකෙකුට ජන්දය දෙන්න එපා කියල. ඕකි ගිය තැනක් ඉවරයි. වැන්දඹු ගෑනු දැක්කත් අවාසනාව කියන්නේ ඒකයි.

    • මාමාණෝ says:

      එයා නෙවෙයි නම් පත් කරලා තියෙන්නේ මොකටද බාර ගන්නේ.

      • එහෙමනම් මාමේ කමක් නැ. අපිට කේන්ති යන්නේ වගකීමක් ගන්න කෙනෙක් නැති එකටයි. අපිටයි සජියාගේ උන් හිනාවෙන්නේ . භූමිදානය කරල වෛරසය කාලෙකින් පැතිරුනොත් කවුද වග කියන්නේ. අපි කවුරුත් මැරිලා . අනාගත පරපුරක් අනතුරට පත් වෙනවා.

    • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

      ‘සංචාරකයා’ කියා ලියන බූරු තඩියෝ උඹ කියන විදියට පෝට්ටුවේ එකෙක්ටවත් චන්දෙ දෙන්න බෑනේ.
      උකුසු බිත්තර සිරා ඒකෙ සබාපති නේ ගොං වස්සො

  4. Rawatunu Bayyek says:

    Kohomath me Yanawidihata 69 Laksetama issarahata polowe pas kanna wenawa..
    Bhoomadaana kaloth wisabeeja sareeragatha wenna pulwan .

  5. පොල් බූරුවා says:

    එතකොට මොන ප….ද මෙි රට ගිනි තියන වැඩෙි කලේ. ඔය කොමිටිය පත් කරපු අපොයින්ටිමන්ටි ලෙටර් එක අත්සන් කරපු හු…
    පුතෙ….. අැතිනේ. අන්න උෟව ඉස්සෙල්ලා වලලල හිටපල්ල. තොපි වංගුදාලා සිංහලයට කෙළවල ඊලග චන්දෙට වරෙල්ලකෝ.

  6. Buddhist says:

    Pavithra bageta thambichcha kenek, danne nathi deyakata Amathi wela mona bambuwak karannada? Eketa wada hondai ara issra wage Mahindage papuwe budiyagaththanam.

  7. සමන්ත says:

    ඔය කමිටුව පත්කලේ පන්සලේ පුටුවේ වාඩිවෙන පල්ලියේ බිම වාඩිවෙන ඌරු ඡන්දම බලාගෙන වැඩ කරන සිංහල ඡන්ද 100% දුන්නත් 10%ක් වත් නැති ඌරු ඡන්ද වලට කෙලහලන අපේ අගමැටි සහ අන්තවාදී අලිසබ්‍රියි.

  8. Billa says:

    මෙයා බන්ධනාගා ඇමැති ලෙස ඉදලා කරපු හපන්කම තමයි මහරදී සිද්ධවුනේ. ඒනිසාම තමයි ඒ ඇමැති කමෙන් ඉවත් කලේ. දැන් ආන්ඩුව වලලන්න ක්‍රමයක් හොයනවා. පොහොට්ටුවේ කට්ටිය මේ වගේ අයගෙන් ප්‍රවෙසම්වන්න ඕන.

Main News